යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි පවතිනවා – රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්

May 18, 2021

රට තුල පොහොර හිඟයක් උද්ගතව පවතින බවත්, ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී අද (18) පෙන්වා දුන්නේය.

යූරීයා පොහොර නොමැතිවීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් හෙතෙම කීවේය.

මීට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසුවේ මන්ත්‍රීවරයා පවසන පරිදි රටතුල පොහොර හිඟයක් නොමැති බවයි.

යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම ඊළග කන්නය සඳහා හිඟයකින් තොරව කාබනික පොහොර ලබා දීමට පියවර ගන්නා බවත් හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.

වී ගබඩා කිරීමේ මධ්‍යස්ථාන 04 ක් අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p