පිළිකා කාරක අඩංගුව තිබූ සියලුම ආනයනික පොල් තෙල් තොග ප්‍රතිඅපනයනය කර තිබෙනවා – වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

May 18, 2021

පිළිකා කාරක අඩංගුව තිබූ සියලුම ආනයනික පොල් තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(18) පැවසීය.

එම පොල් තෙල් කිසි විටකත් මෙරට වෙළඳ පොළට එක් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවේය.

කොප්පරා  වැනි අමුද්‍රව්‍ය ආනයනය කර මෙරට තුළදී පොල්තෙල් නිෂ්පාදනයට අවධානය යොමුව ඇති බවත්, දේශීය වශයෙන් පොල් තෙල් නිෂ්පාදනය  ඉහළ නැංවීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

2015 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකාවට පොල්තෙල් ආනයනය කිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 6094 ක් බවද පාර්ලිමේන්තුවේදී අද අනාවරණය විය.

t

o

p