බන්ධනාගාර ඇතුළත කොවිඩ් 19 ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ඉක්මනින් පියවර ගන්නවා – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

May 18, 2021

බන්ධනාගාර තුළ පවතින ඉඩ පහසුකම් අවම වීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමුවී ඇති බවත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය වරයා සමග සාකච්ඡා කොට ඉක්මනින් පියවර ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

විශේෂයෙන්ලි වැලිකඩ බන්ධනාගාරයේ සහ අනෙකුත් බන්ධනාගාර තුළ අවම වශයෙන් මීටරයක පරතරය වත් නොමැති බවත් බොහෝ තදබදයක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

බන්ධනාගාර කොවිඩ් පොකුර ඇතිවන්නටත් මෙය හේතුවක් වී ඇති බවත් එම නිසා ඉක්මනින්ම එන්නත්කරණය හෝ වෙනත් ක්‍රියාමාර්ගයක්  බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරින් සම්බන්ධයෙන් සිදුකරන ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවාය.

t

o

p