‍හෙට සිට සදුදා අළුයම තෙක් දිවයින පුරා සංචාරණ සීමා පැනවේ

May 12, 2021

මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p