ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් LPL අවසන් තරඟය

December 16, 2020

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ 7.00ට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී කණ්ඩායම් අතර පෙරමුණේ පසු වූ කළම්බු කිංග්ස් පරාජය කරමින් ගෝල් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර

දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් පෙරේදා අදාළ අවස්ථාව හිමිකර ගනු ලැබුවා.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග 22ක් අවසන් වන විට ගෝල් සහ ජැෆ්නා කණ්ඩායම් දෙවතාවක් එකිනෙකා හමු වී තිබෙන අතර ඒ සෑම අවස්ථාවකදීම ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය වී තිබීම කැපී පෙනෙන කාරණයක් විය.

t

o

p