දින 100 කට පසුවත් නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවී නැහැ

August 10, 2020

දින 100 ක් ගතවූ පසුව ද නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවී නැති බව වාර්තා වනවා.

එරට සක්‍රීය ආසාදිතයින් 23 දෙනෙක් පමණක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ ඕස්ට්‍රේලියාවේ සහ වියට්නාමයේ වෛරසය තවමත් සක්‍රීය මට්ටමේ පැවතීම හේතුවෙන් තම රට ද අනාරක්ෂිත තත්ත්වයේ පවතින බවයි.

නවසීලන්තයේ ජන ජීවිතය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග ජනතාව කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන බව රජය චෝදනා කරනවා.

t

o

p