එ.ජා.ප යේ නායකයා තෝරා ගැනීමේ අර්බුදය සජිත් පාර්ශවය උග්‍රකරයි

January 18, 2020

එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ වගකීම සජිත් පාර්ශවය විසින් සුළු ජාතික පක්ෂ නායකයින්ට පැවරීමට තීරණය කර ඇත.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්‍ , සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් වෙත පක්ෂ නායකයා තේරීමේ අවස්තාව ලබාදිය යුතු බව සජිත් පාර්ශවය එක්සත් ජාතික පක්ෂය වෙත දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකයා තේරීමේ අවස්තාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි විය යුතු බවත් ඔවුන් සියළු දෙනාට නායකයා තේරීමට ජන්දය දීමට අවස්ථාව දිය යුතු බවත් සජිත් පාර්ශවය දැනුම් දී තිබේ

මෙම නිසා පක්ෂ නායකයා පත් කරගැනීමේ අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

t

o

p