Features

දුම්රිය වර්ජනයෙන් සුනඛ මිතුරනුත් හාමතේ

දුම්රිය වර්ජනය තව දුරටත් දිග් ගැස්සවීම මත දුම්රිය ස්ථාන ආශ්‍රිතව ජීවත් වන සුනඛ ප්‍රජාවද බලවත් ආහාර අහේනියකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි. විශේෂයෙන් අගනුවරින් බැහැර දුම්රිය ස්ථාන ආශ්‍රිතව ජීවත් වන මෙම සුනඛයන් දුම්රිය වල ගමන් ගන්නා මගීන් විසින් ඉවත හෙලනු ලබන ආහාර සේම දුම්රිය භෝජනාගාර වලින් ඉවත හෙලන ආහාර අනුභව කිරීමට පුරුදුව සිටින අතර Read More

අපේ රටට “වගේ වගක් නැති” ලෝක සත්ව දිනය

අද (ඔක් 4) ලෝක සත්ව දිනයයි. ලොව දියුණු රටවල ජනතා ව්‍යාපාරයක් වශයෙන් ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන ලෝක සත්ව දින සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජන සමාජයට තවමත් ‘වගේ වගක් නොමැති වීම’ සංවේගය මුසු පුදුමයකි. ගෘහස්ථ සහ වන සතුන්ට සිදුවන සාහසික අපරාධ හමුවේ මෙම ලෝක සත්ව දින සැමරුම ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ක්‍රියාවට නොනැගීම අතිශය ඛේදවාචකයකි. මෙම Read More

අපේ රටට සුළිසුළං ආපදා නොමැති ද?

කලින් කලට ලොව විවිධ ප්‍රදේශවලින් ස්වභාවික විපත් පිළිබඳව පුවත් ජනමාධ්‍ය හරහා අපට අසන්නට දකින්නට ලැබෙන බව දනිමු. ඒ අතරින් සුළිසුළං ආපදා වල විශේෂත්වයක් ඇතිබව  අවබෝධ කරගෙන ඇතැයි සිතමි. දියුණු තාක්ෂණික පහසුකම්වල පිහිටෙන් අද ලෝකයේ කොහේ හෝ සුළිසුළඟක් වර්ධනය වී ඇත්නම් එය යම්කිසි රාජ්‍යයන්වලට මහා ආපදා ගෙන ඒමට හේතුවේනම් ඒ පිළිබව පෙර සිටම අපිට අසන්නට ලැබේ. Read More

රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කරනු

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩිව හෙලා දකිමු . සියලු රූපවාහිනී නාලිකාවලට (ටෙලිවිෂන්) බලපත්‍ර ලබාදෙනුයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත යටතේ වන අතර එම බලය පැවැරී ඇත්තේ පනත ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය Read More

ඇමසන් වනාන්තරය ගිනිගත්තම අපට මොකෝ?

පසුගිය සති දෙකක පමණ කාලය තුළ සෑම ජනමාධ්‍යකම පාහේ පුවත් විකාශනවලට අපහසු දෙයක් වූයේ ඇමසන් වනයේ පැවති ගිනි පිළිබඳ වැකියක්වත් නොකියා සිටීමය. ඇමසන් වනාන්තරයේ විශාලත්වය නිසා එතරම් වැදගත්කමක් ලැබෙන්නට ඇතැයි සිතූ අයද සිටී. නමුත් එහි විශාලත්වය පිළිබඳ සැලකීමට වඩා යථාර්තය වූයේ ලොවම කම්පාවීමට හේතුවූයේ එය නිකන්ම නිකං කැලෑ ගින්නක් නොවීම නිසාය යන්නය. දකුණු ඇමෙරිකාවේ පිහිටා Read More

හූනියම් මේනියාවේ මාෆියාව

නිවිති යනු අපේ රටේ මධ්‍ය කඳුකරයේ උස් බිම්වල හැරුණු කොට දිවයිනේ සෙසු සෑම ප්‍රදේශයකම පහසුවෙන් වගා කර ගත හැකි පෝෂණ ගුණයෙන් සපිරි කොළ එළවළුවකි. Spinacia Oleraceg යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන නිවිති කොළ පැහැති සහ රතු පැහැති වශයෙන් කොටස් දෙකකි. උද්භිද විද්‍යාත්මක වශයෙන් හෝ පෝෂණ අගය අතින් කිසිදු වෙනසක් නොමැති මෙම නිවිතිවල රතු පැහැති නිවිති ශ්‍රී Read More

රට ගලවා ගන්න “දියසේන කුමාරයා” එයි ?

රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට අදත් වැඩිහිටියෝ එය මුළුමනින් දුරලිය හැකි මෙම ‘දියසේන ඇබෑර්තුව’ පිළිබඳව කතාබස් කරති. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක් බවට පත්වීමෙන් පසු Read More

අකුණු අනතුරු කළමනාකරණයටත් මිත්‍යා මතවලින් බාධා

පාරිසරික සංසිද්ධි බොහෝමයක් මිත්‍යා විශ්වාස  සහ සංකල්ප පසුබිම් කොටගෙන ඉතිහාස කතාවලට එකතු වී තිබෙන බව අද අපි දනිමු. පාසැලේදී සහ උසස් අධ්‍යාපන ආයතන වලදී විද්‍යානුකූලව පරිසරය පිළිබඳ කරුණු අවබෝධ කරගන්නා නමුදු සමාජයේ විවිධ මූලාශ්‍ර තුළින් අපවෙත ළඟාවෙන මිත්‍යා අදහස් නිසා විද්‍යාවබෝධයට විවිධ බාධා පැමිණෙන බවට උදාහරණ අපමණය. ශ්‍රී ලංකාවේ අකුණු ආපදා ඇතිවන ප්‍රධාන වකවානුව මාර්තු Read More

නෙල්ලිකැලේ බුරියාද මායා රංජන් ද

පොලිසියෙන් අරෝවක් නැතිනම් නීතියට පිටුවා පැයට කිලෝ මීටර් සියය ඉක්මවා වුව වාහන ධාවනය කළ හැකි පුළුල් බවක් සහ සුමට මතුපිටක් සහිත සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගයේ ‘‘පියාසර කළ’’ අප රැගත් රථය දමන පොලිස් ස්ථානය අද්දර මඳකට නතර කෙරිණි. ඒ කාක් සූට් කිහිපයක ‘‘උණුසුම’’ අපේ පවුලටම යාන්තමින් දැනුණ බැවිනි. නෙල්ලිකැලේට යන්නේ කොහොමද?’’රිය පදවමින් සිටි මගේ ගමන් සගයා Read More

ශක‍්‍රයාගේත් පුතා වයිමාගේත් සැබෑ හැදුනුම්පත් මෙන්න.

“ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ” යන ඇමතිවරයා ගේ එම ප‍්‍රකාශයේ ගැබ් වූ අරුත වූයේ බඩු මිල යනු රටක පොදු මිල මට්ටම නියෝජනය කරන්නක් බැවින් එය අඩුකරලීම ප‍්‍රායෝගික ලෙස කළ නොහැක්කක් බවත් ඒ සදහා වන විකල්පය වනුයේ ජාතික ආදායම ඉහළ නංවා ගැනීම බවත්ය. එහෙත් ඔහුගේ එම සරල ප‍්‍රකාශය මාධ්‍ය කරලියේ රැව් පිළිරැව් Read More

t

o

p