Features

දැන්ම සංචාරක කර්මාන්තයට පිවිසීම මාරයාගේ කටට අත දැමීමක්!

ඉන්දියාව ඉකුත් 16 වෙනි දා තැබූ වාර්තාව ගතවූ පැය 24 ට මරණ 2003යි. එහි ඊයේ දිනයේ හමුවූ රෝගීන් ගනන 10974යි, මුළු කොරෝනා මරණ 11903 යි,මුළු කොරෝනා රෝගීන් 354065 යි. “ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට රෝහල් වල ඉඩ නොමැතිවී මියගිය රෝගීන් අහුමුලු වල ගොඩගසා තිඛෙනවා”  16.6.2020 සවස 6.55 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී තවදුරටත් මෙසේ පැවසුනා.” “චීනයේ පසු ගිය පැය 24 තුලදී Read More

ධන කුවේරයෙක් මුතුරාජවෙල තෙත් බිම් දඩයමක!

මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් භූමිය විවිධ උපාය මාර්ග මගින් අත් පත් කරගනිමින් විවිධ ව්‍යාපෘති වල යෙදවීමට අපරටේ මුල් පෙළේ ධන කුවේරයකු දරන උත්සාහයක් නිසා එහි පාරිසරික පද්ධතියට සේම තම වාසභූමි වලට ද තර්ජනයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ජාඇල අවට මුතුරාජවෙල තෙත්බිම් ආශ්‍රිත ජනතාව මැසිවිලි නඟති. මේ සම්බන්ධයෙන් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පසුගිය 14දා Read More

අපි බත් කන විදිහ හරිද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සමාජ විද්‍යා සේම සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ද වෙසෙසින් කැපී පෙනෙන විද්වතෙකි. ඔහු පසුගිය දිනයෙක මා හා කීයේ මා ඉන් පෙර කිසිදා අසා නොතිබූ කතාවකි. ’‘මම පහුගිය දවසක අම්බලන්ගොඩ පැත්තේ විවාහ මංගල්‍යයකට සහභාගී වුණා. ඒක තිබුණේ සංචාරක හෝටලයක. ඒක ඒ පළාතේ ප්‍රභූ වරුන් හැටියට සම්මත Read More

මීගමුවේ ධීවර ගම් පිටින් මුහුදට බිලිවෙද්දී ‘කොළඹ පෝට්සිටියේ’ විනෝද උයනක් !

මීගමුවේ පෝරුතොට, පිටිපන ඇතුළු ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයට අයත් ප්‍රදේශ බොහොමයක් දරුණු වෙරළ ඛාදනයකට ලක්වෙමින් තිබෙන පසුබිමක කොළඹ පෝට්සිටි වරාය නගරයේ විනෝද උද්‍යානයක් තැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ පාලනය වන නාගරික සංවර්ධන ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය ලහි ලහියේ කටයුතු කිරීම මීගමුවේ ධීවරයන් ඇතුළු අප රටේ සමස්ත ධීවර ප්‍රජාවටම කරන දරුණු සරදමකැයි මීගමුවේ Read More

“පිරිපහදු කළ” පුනරුප්පත්ති කතාවක්!

ජීවය නිර්මාණය වී ඇත්තේ ජීවී සෛල විශාල ප්‍රමාණයක එකතුවක් ලෙසය. අප උපත ලැබූ දා පටන් අප ශරීරයේ සෛල මියයමින් වර්ධනය වෙමින් පවතී.කෙදිනක හෝ අප ශරීරයේ ප්‍රධාන පද්ධති අතර පවතින තුල්‍යතාව බිදී යනු ඇත.එය “මරණය” ලෙස හදුන්වයි.එනම් තවත් විදියකට කීවොත් අපගේ ශරීරයේ අඛණ්ඩව පවතින අස්නායුක හා ස්නායුක සමායෝජන ක්‍රියාවලිය බිදවැටීමයි. අතීතයේ සිට මිනිස්සුන්ට විශාල කුතුහලයක් වූයේ Read More

මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ චන්ද ගැරීමේ ප්‍රයත්නයක්

එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අප අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමයට හෙළිදරව් වී ඇත.  විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී  Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු Read More

සෙස් බද්ද වැඩිවීමෙන් සිමෙන්ති මිල ඉහළ යාමේ අවධානමක්

අප රටේ සිමෙන්ති කර්මාන්තය සිදුවන ආකාර කිහිපයක් ඇත. සිමෙන්ති නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන Clinkers මෙරටට ආනයනය කර සිමෙන්ති නිෂ්පාදනය කිරීම ඉන් එක් ආකාරයකි. අනෙක් ආකාරය වන්නේ සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර මෙහිදී සිමෙන්ති ලෙස ඇසුරුම් කිරීමයි. අනෙක් අකාරය වන්නේ සිමෙන්ති අසුරා මෙරටට ආනයන කිරීමයි. මේ සදහා වෙනම සෙස් බදු හදුන්වා දී ඇත. Read More

තැපැල් ඡන්දය පහසුකම සදහා ලියාපදිංචිය 2020 මහා මැතිවරණය

පුරවැසියෙකු ලෙස ද, හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ ඉක්මන් අවධානය සදහා යොමු කරමි. සාමාන්‍ය යෙන් ජාතික මැතිවරණයක දී රාජ්‍ය සේවකයින් ලක්ෂ හතකට වැඩි පිරිසක් තැපැල් ඡන්දය සදහා සුදුසුකම් ලබති. 2019 ජනාධිපතිවරණයේ 559, 514 දෙනෙකුට තැපැල් ඡන්ද හිමිකම් ලැබූ අතර, මාගේ මතකය ආසන්න වශයෙන් තැපැල් ඡන්දය 60,000 ක් පමණ තාක්ෂණික හේතු මත ප්‍රතිකේෂප වූ Read More

ආ ගිය අතක් නැති වූ මහසෝනා සොයා ගනිමු

“මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම එනකොට මහසෝනා ගහලා.” පසුගිය දිනක වලස්මුල්ල ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පිළිබඳව විමසුමකට ගිය මට එහි ගැමියෙක් කීය. “ඔය මොන අවුරුද්දෙ වගේද?” මම ඇසුවෙමි. “හරියටම කියන්න බැහැ. 1960 විතර.” ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ කතාව සේම මහසෝනා ගැසීමෙන් Read More

t

o

p