Features

මුතුරාජවෙළ තෙත් බිමේ තවත් අක්කර පනහකට බහිරවයෙක් කෙළ හලයි

මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මේ වන විට මායිම් සලකුණු කරමින් පවතී. 2018 වසරේ දී මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් අත්පත් කර ගෙන නීති විරෝධී ව නිවාස සංකීර්ණයක් Read More

සමාජය එපා වී සුනඛයන් එකසිය දෙකක් සමඟ වන මැද වෙසෙන මාධ්‍යවේදියා

ජනමාධ්‍යවේදීන්ට නිරතුරුවම සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් ඇසුරු කිරීමට සිදුවෙයි. ඒ අනුව අප රටේ සෑම ජනමාධ්‍යවේදියකු තුළම සමාජයේ විවිධ පුද්ගලයන්, විවිධ සමාජ කණ්ඩායම් සහ පොදුවේ සමස්ත ජන සමාජය පිළිබඳව විවිධ ආකල්ප තිබිය හැක. එහෙත්, වසර පහළොවක පමණ කාලයක් පූර්ණ කාලීනව ජන මාධ්‍ය කරලියේ රැඳී සිටීමේ දී ඇති වූ සමස්ත සමාජයම මුල් කොට ගත් කලකිරීමක් නිසා Read More

නැති වූ ජංගම දුරකථනය සොයා ගන්න “කාලි අම්මා” සොයා ගියෙමි

2017 සැප්තැම්බර් තිස් වෙනිදා පැවැති වැසිබර අඳුරු කාලගුණික තත්ත්වය අතරින් මම කොළඹ කොටුවේ පළමුවන හරස් වීදිය ඔස්සේ ඕල්කට් මාවත දෙසට ඇවිද එමින් සිටියෙමි. ඒ අතරතුර දී මට රුවන්වැල්ලේ සිටින මගේ හිතවතකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. නමුදු ඒ වන විට වටපිටාවේ පැවැති ඝෝෂාකාරී තත්ත්වය නිසා ඔහු පවසන කිසිවක් මට පැහැදිලිව ඇසුණේ නැත. එනිසා “මට මුකුත්ම ඇහෙන්නේ නැහැ Read More

මෙදා පාර්ලිමේන්තුවත් ‘කබ්බන්ගෙන්ම’ පුරවමු ද….?

2020 මහ මැතිවරණය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිදහස ලබා වසර 72ක් පුරාවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසාදයක් නැහැ. මුල්ම කාලයේ ජාතික රාජ්‍ය සභාව තුළ සිටි කීර්තිමත්, බහුශ්‍රැත මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් පසුව එවන් උගත් බුද්ධිමත් විනයගරුක, ප්‍රතිපත්ති ගරුක සහ රටට ආදරයක් ඇති මන්ත්‍රීවරුන් අපේ පාර්ලිමේන්තුවට පත්වූවේ නම් ඒ අතේ ඇඟිලි ගණනටත් Read More

සුනඛයන් ඇති කිරීමේ කලාව ඉගෙන ගනිමු

සත්ව හිමිකම් සහ සුභසාධනය නූතන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.එහෙත්,සියළු සත්වයෝ සුවපත් වේවා! ‍යන්න ආගමික පරමාදර්ශයක් ලෙස සලකන අප රටේ බොහෝ දෙනෙක් සත්ව හිමිකම් සහ සුභසාධනය යනු කුමක්ද? කියාවත්  නොදනිති.මානව කේන්ද්‍රීය පෘථිවි තලයේ මිනිසාට සමීපතම සත්වයා සුනඛයාය.එහෙත්,ඒ සමීපත්වය මුල් කොට යෙදී ඇති ඇතැම් කරුණු නිසා මිනිසුන් විසින්  තම  වර්ගයාගේ ප්‍රමිතියේ බාල බව ඇඟවීම පිණිස “බලු” Read More

අපගෙන් සදහටම සමු යදින උස්වැටකෙයියාවේ ‘නාඳුනන හේවායා’

 ‘නාඳුනන හේවායා ගේ සිහිවටනය’ යන්න අප බොහෝ දෙනකුට එතරම් හුරුපුරුදු තැනක් තබා නමක් වත් නොවේ. එහෙත්, කොළඹ නගරයට උතුරින් පිහිටි ‘උස්වැටකෙයියාව’ පරණ අම්බලම මුහුදු වෙරළේ එනමින් හඳුන්වන ස්මාරකයක් තිබේ. බොහෝ ස්මාරක තැනීමට යොදා ගනු ලබන හුනුගල් පාෂාණයෙන් නිම වන ලද මෙහි සිංහල බසින් ‘නාඳුනන හේවායා සිහිවීම පිණිසයි’ යන්න කොටා ඇති අතර එම ස්මාරකයේ ඉංග්‍රීසි බසින් Read More

ගලේවෙල සුනඛ ඝාතකයන්ටත් දඩය රුපියල් සීයම ද?

වරදකරුට දණ්ඩ නීති සංග්‍රහය යටතේත් චෝදනා ගොනු කළ යුතුයි. වසර පහ බැගින් සිර දඬුවම් නියම කළ හැකියි. ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ දී සුනඛයන් දස දෙනෙකුට වස දී මරණයට පත් කිරීමේ පුවතක් ඊයේ (24 දා) වාර්තා වුණා. යම්කිසි පුද්ගලයෙක් සුනඛයන්ගේ ආහාරයට වස මිශ්‍ර කොට ලබා දුන්නේ නම් එය ඉතාම කෲර ක්‍රියාවක්. ඒ ක්‍රියාව සිදුකළ පුද්ගලයා කවර අරමුණක් Read More

කතරගම දෙවොලට එරෙහිව මොණරාගල දිසාපතිගෙන් නඩු!

කතරගම රුහුණු මහා දේවාලයේ පුද පූජා කටයුතු  වලදී එහි බස්නායක වරයා ඇතුළු රාජකාරී මණ්ඩලය කොරෝනා නිරෝධායන රෙගුලාසි බරපතල අයුරින් උල්ලංඝනය කිරීම මුල් කොට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව  මොණරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පවසයි. එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දැනට දේවාලය තුළ  පුද පූජා සිදුවන ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ද කොරෝනා රෝගය Read More

සාත්තර කියන හැටි උගන්වන ටියුෂන් පන්ති !

මීට කලෙකට පෙර මට නන්නාඳුනන අයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. මුලින්ම ඔහු මගෙන් විමසන ලද්දේ ”ඔය තිලක් සර් ද?” යනුවෙනි. සාමන්‍යයෙන් යමකුගේ නම සමඟ මහත්තයා යන්න යෙදිය හැකි වුව ද ඒ වෙනුවට ”සර්” යන්න ආදේශ කිරීම එතරම් ව්‍යක්ත නැත. කෙසේ හෝ ඉන්පසු ඔහු දිගින් දිගටම මා අමතන ලද්දේ ද “සර්“ යනුවෙන්ම ය. “මම මේ කතා කරන්නෙ Read More

t

o

p