Features

බන්දුල ගුණවර්ධන සමාජගත කළ ශක්‍රයාගේ පුතා වයිමා

2005 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද වෙළඳ අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හොබවමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි ද කියමින් ජනමාධ්‍යවේදීන් ගේ ‘කෙලි බඩුවක්’ බවට පත් වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය Read More

ප්ලාස්ටික් ,පොලිතීන් මල් මාලා තහනම් වෙයි

බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාලා නිෂ්පාදනය තහනම් කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දීය. මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන් ජාතික ශිල්ප සභාව Read More

ෆයිසර් එන්නතේ ඵලදායීතාව තවත් ඉහළට

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙමින් තිබෙන ෆයිසර් බයෝ එන් ටෙක් එන්නතේ ඵලදායීතාවය තවත් ඉහළ ගොස් තිබෙන බව ඊශ්‍රායලයේ පර්යේෂණයකින් තහවුරු වී තිබේ. ඒ අනුව එක් මාත්‍රාවකින් පමණක් 85%ක් පමණ ආරක්ෂාවක් ලැබෙන අතර එන්නත ලබා ගත අයට කාලයත් සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ අවදානම අවම වී  ඇති බවයි එම පර්යේෂකයන් සඳහන් කරන්නේ. එම එන්නත වැඩියෙන් Read More

Crudia Zeylanica ශාක සෙවීමට ජනතා සහය පතයි

‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී. ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට Read More

අන්තර්ජාලයේ වංචනිකයින්ට හසුනොවන්නැයි පොලිසියෙන් ආදරවන්තයින්ට දැනුම්දීමක්

පෙබරවාරි 14 වන දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය මුල්කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස පොලිසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේවනවිටත් එවැනි සිද්ධින් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා. එම නිසා එවැනි වංචනික පුද්ගලයින්ගේ වින්දිතයින් බවට පත්නොවන ලෙස තරුණ තරුණියන්ට පොලිසිය දැනුම්දෙනවා.

මුතුරාජවෙල පරිසර සංහාරකයෝ කාදිනල් තුමන්ට මඩ ගසති. ඉන්දියානුවනුත් හවුල් බවට සැක

සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් මැල්වත්ත ලෑන්ඩ් ඩිවලපර්ස් ප්‍රයිව්ට්ලිමිටඩ් නමින් පෙනී සිටින සමාගමක් මුතුරාජවෙල තෙත් අභය භූමිය අවට අක්කරහත්සීයයක් අත්පත් කර ගැනීම කෙරෙහි කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත්හිමිපාණන් මෙතරම් විරුද්ධවන්නේ එම සීමාව තුළ මහා පරිමානයෙන් ඌරු කොටුපවත්වාගෙන යන්නවුන්ගේ ගේ ඉල්ලීම මත බව එක්තරා කණ්ඩායමක් විසින් මේ දිනවලසංවිධානාත්මක ලෙසින් ප්‍රචාරය කරමින් සිටිති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම Read More

බලයේත් ධනයේත් ගුප්ත සංකේතය වෙසමුණි කුවේර

අප සමාජයේ නපුරු,ප්‍රචණ්ඩ ගතිගුණ ඇති මිනිසුන් හැඳින්වීම පිණිස ‘වෙසමුණියා වගේ’ යන්න ද යමකුගේ අධික කෝප ගැන්වීම හැඳින්වීම පිණිස ‘වෙසමුණියා ආරූඪ වෙලා’ යන්න ද යොදනු අපි කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ අනුව “වෙසමුණියා” යන වදන ශ්‍රී ලාංකේය ජන සමාජයට කෙසේවත් ආගන්තුක නොවේ. මීට අමතරව අපට මෙම වෙසමුණි නාමය අසන්නට ලැබෙනුයේ බලි, තොවිල්, ශාන්තිකර්ම ආදියේදී ය. ඒවායේ දී Read More

ජනපති නියමයෙන් රක්ෂිත වනාන්තර අක්කර දෙක හමාරේ කුට්ටි කර ජනතාවට බෙදා දෙන කතාව ඇත්තක් ද?

රජයේ වන රක්ෂිත සහ වන ජීවී රක්ෂිත තුළ ගොවිතැන් කරන ගොවීන්ට ඒ සඳහා ඉඩලබා දෙන ලෙස වන සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීන්ට කියා එම රක්ෂිතතුළට ගොස් ඒවා වෙන් කරන මායිම් ගල් ගැන නොතකා කලින් සිදු කළ ගොවි තැන්එලෙසම සිදු කර ගන්නා ලෙසට “ගම සමඟ පිළිසඳර” වැඩ සටහන් වල දී  ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කරන Read More

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක්ව වනසයි

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ වන මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කිරීම මේ වන විට සිදු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ Read More

සමහරු හෙළ වෙදකමයි හෙළු වෙදකමයි පටලවාගෙන!

මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය හින්දා අපේ සමාජයේ ඇති වෙලා තියන ව්‍යාකූල බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මේ පැටලිලි සහගත බව කොයි තරම් ද කිව්වොත් අද කොරෝනා වලට පිළිගත් වෙදකමින් ඒ කියන්නේ හරි වෙදුන්ගෙන් ප්‍රතිකාර නෑ කියන හින්දා හොර වෙදුන් හොයා ගෙන යන පිරිසත් දවසින් දවසම වැඩි වෙනවා. ඒ හින්දම ඒ පොදු Read More

t

o

p