Local News

බැසිල්ගෙ මල්වානෙ ඉඩම බේරා දෙන්න ශිරාල් ලක්තිලක මැදිහත් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශිරාල් ලක්තිලක, හොර රහසේම, ඉකුත් සතියේ බැසිල් රාජපක්ෂ හමුවී ගණුදෙනුවක් ගැන සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ විදේශයකදීය. මල්වානෙ පිහිටි ඉඩම, බේරා දුනහොත්, ඊට සරිලන, ගාස්තුවක්, ගෙවන බවට, බැසිල් දුන් පොරොන්දුවක් මත, ශිරාල් ලක්තිලක, මෙසේ, බැසිල්ව හමුවී ඇති බවයි වාර්තාවන්නේ.   බැසිල් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු Read More

බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් : 7ක් මරුට

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද(27) උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් රැඳවියන් පස් දෙනෙක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් ‘සමයං’ ද මෙම ප්‍රරහාරයෙන් ජිවිතක්ෂයට පත්වී තිබේ. අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේදීයි. ඒ අවස්ථාවේ Read More

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝනය කරලා

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති බව  පවසයි. එවකට මුදල් අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් මහ බැංකු නීති උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාවල නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය Read More

ජිනිවා මානව හිමිකම් සමුළුව අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වයන් විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය අද (27) දින මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. මෙවර සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 3ක් වෙන්කර තිබේ. පළමු දිනය Read More

GMP සහතිකය සියළුම ආපන ශාලාවලට අනිවාර්ය කරන්න

ආපන ශාලාවල යහපත් නිෂ්පාදන පවතින බව තහවුරු කෙරෙන GMP සහතිකය සියලුම ආපන ශාලාවලට අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඉකුත් 2015 ජුනි 11දා, GMP සහතිකය අදාළ ආපනශාලාවලට ලබාදීම මගින් වඩාත් ගුණාත්මක සේවාවක් Read More

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට “ද ඉකොනොමිස්ට්” කියයි

සුප්‍රකට, “ද ඉකොනොමිස්ට්” ජාත්‍යන්තර ආර්ථික සඟරාව, මගින් 2016 වසරට අදාළව නිකුත් කරන ලද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාවට, 66 වන ස්ථානය හිමිව තිබේ. එය 2015 වසරට ස්ථාන තුනක් ඉහළ නැගීමක් වන අතර 2015 වසරේ මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 69වන ස්ථානයයි. 2015 වසර තුළ ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේදී සමස්ත ලකුණු 6.42ක් හිමිව Read More

තෙල්, විදුලිය, බැංකු පෞද්ගලීකරණය නොකෙරේ

යහපාලන ජාතික රජයේ ව්‍යවසායන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායන් ලෙස පත්කිරීමේදී ප්‍රධාන ව්‍යවසායන් එම ක්‍රියාදාමය යටතට පත්නොකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකු කිසිවක් පෞද්ගලීකරණය නොකෙරෙනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇත.

කඩිනමින් දේශපාලන විසදුමකට එන්න ඉන්දියාව රජයට කියයි

ශ්‍රී ලංකාවට මුළු ලෝකයේම සහයෝගය ලැබි තිබෙන මේ අවස්ථාවේ ජනවර්ගයන් අතර පවතින ගැටලුවට දේශපාලන විසඳුමකට කඩිනමින් පැමිණෙන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. දේශපාලන විසඳුමක් සඳහා මෑත ඉතිහාසයේ උදාවූ හොඳම අවස්ථාව මෙය යැයි ද ඉන්දියාව රජයට වැඩිදුරටත් දැනුම් දී ඇත. ඉන්දියාව විදේශ ‍ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හරහා ශ්‍රී ලංකාවට විශේෂ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් එවමින් ඉන්දියාව ශ්‍රී Read More

නවසීලන්තයට යන්න හැදූ 18 මීගමුවෙන් අල්ලයි

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට තැත් කළ පුද්ගලයින් 18 දෙනෙකු මීගමුව ලෙල්ලම ප‍්‍රදේශයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මඩකලපුව කලවංචිකුළම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ්.

විමල් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය පාර්ලිමේන්තුවේදිම ලියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්විමේ ලිපිය මේ දැන් මෙතනදි ලියා අවසන් කළ බව විමල් විරවංශ මහතා පාර්ලිමේන්තුවේදි අද (23) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවිර මහතාට ප්‍රකාශ කළේය. ඇමතිවරයා සභාවෙන් පිටව යාමට කලින් එය ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා කීවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා නම් ඒ පිළිබඳව ලිඛිතව සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන්ට Read More

t

o

p