Local News

තහනම් ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (29) කීරමුණ්දලම ප්‍රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් අඩංගු මලු 21 ක් සොයා ගන්නා ලදී. ඒ අනුව D- era ග්ලයිකොපොස්ෆේට් පැකට් 1500 ක් සහ Anu 71 ග්ලයිකොපොස්ෆේට් පැකට් 4800 ක් මෙම වැටලීමේදී සොයා ගෙන ඇත. මෙම රසායනිකය පොහොර සමඟ Read More

විමල් උපවාසය අත්හරී

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ආරම්භ කර තිබූ අද (30) උදෑසන 10.00ට පමණ උපවාසය අත් හැරිය බව කොළඹ ජාතික රෝහ‍ලේ  ආරංචි මාර්ග සඳහන් කරයි. මහා සංඝ රත්නය පැමිණ පිරිත් දේශණා කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා කිරි වීදුරුවක් පානය කරමින්  ආරම්භ කර තිබු උපවාසය නතර කළ බව හෙතෙම පැවසීය. විමල් වීරවංශ මහතා තමාට ඇප ලබා දෙන Read More

කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක්

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කල මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමග කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය, බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමග නර්තනය Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් සම්මානය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටි අතර තුර ලන්ඩන් නුවර Four Seasons හෝටලයේ දී මෙම හමුව පැවැත්විණි. මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන Read More

ෆෝන් එක ඉස්සු වඳුරාට එරෙහිව බ්‍රිතාන්‍ය තරුණියගෙන් පැමිණිල්ලක්

තම ජංගම දුරකථනය වඳුරෙකු විසින් පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික තරුණියක (26) එම වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබේ. මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය එරට හෙද පාඨමාලාවක් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියක ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි. මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා Read More

එජාපයේ ප්‍රධාන තනතුරුවල දැවැන්ත වෙනසක් ලබන සතියේ

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙයි. ඒ අනුව වසර හතකට අධික කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවන්නේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි පක්ෂ අනාගත පරපුරට බාරදීමේ ප්‍රධානතම පියවරක් ලෙස මේ තනතුරු වෙනස්කම් කරනු Read More

බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය පිළිබද කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑ – අග්‍රාමාත්‍ය රනිල්

කිත්සිරි රාජපක්‍ෂ මහතා ගත් පියවර නිසා අද මේ ප්‍රදේශයේ ජනතාවට අවුකන ප්‍රතිමා පිළිම වහන්සේගේ අනුරුවක් ලැබී තිබෙනවා. මෙම ප්‍රදේශයට අවුරුදු 125 ක් 150 ක් පැරැණි බෞද්ධ ඉතිහාසයක් තියෙනවා. අද මෙම බුද්ධ ප්‍රතිමාව විවෘත කළ අවස්ථාවේදී ගරුතර මහා සංඝරත්නය පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජක පක්‍ෂය ද සහභාගීවී සිටිනවා. එයින් පෙනී යන්නේ මේ රට තුළ ආගමික Read More

ලොව විශාලතම ආයෝජන බැංකුව ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි

ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කරයි. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග්  (Tung-Lai Margue) මහතා 28දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය. ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබා දීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට Read More

බීමත් රියදුරන් අල්ලන් අලුත් යන්ත්‍රයක්

මෙරට ‍පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නව බ්‍රෙතලයිසර් යන්ත්‍ර උපයෝගී කර ගනිමින්, බිමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ‍පොලීසිය පවසයි. බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා කරන මෙහෙයුම් අතරින් රියැදුරන් බිමත්ව සිටිද යන්න පරීක්ෂා කරන ප්‍රශ්වාස විශ්‍ලේෂණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලබාගැනුණේ ඇල්කෝලයිසර් පරීක්ෂාව (බැලුන් පිම්බිමට දීම) මගිනි. බ්‍රෙතලයිසර් යන්ත්‍ර හඳුන්වාදීම තුළින් එය වඩාත් Read More

O/L ප්‍රථම ස්ථානය කොළඹ විශාඛාවට

මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා  බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල් සිසුවියයි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබේ. තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු  සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත්  ඕෂධි Read More

t

o

p