Local News

මධූෂ්ගේ හා කංජිපානිගේ ගෝලයෙකු අලුත්ගමදී අල්ලයි

අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ(CCD) නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ. ඊයේ(23) වන දා උදෑසන 10.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වා ඇති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට Read More

අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 05 දා සිට 31 දක්වා

අධ්‍යාපන පොදු සහතික පත්‍ර “උසස් පෙළ -2019′ විභාගය අගෝස්තු මස 05 වැනි දින සිට 2019 අගෝස්තු මස 31 වැනි දින තෙක් පැවැත් වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. විභාගය සදහා පෞද්ගලික අයදුම්කරුවන් 74789 දෙනෙකු පෙනි සිටින අතර ඔවුන්ගේ අයදුම්පත් මේ වන Read More

ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට

වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු  ඊයේ රාත්‍රී 11.45 ට   සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඔහු ලබන 11 දා පැවැත්වෙන Read More

පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන්වීමේ පරික්ෂණ සීඅයිඩි යට

පානදුර උතුර පොලිස් ස්ථානයේ දී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබේ. පසුගිය ජූලි මස 6 වන දින පෙරවරුවේ මෙම ගිනි අවි දෙක අතුරුදන්ව තිබුණි බව ද පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජූලි මස 15 වන දින පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ Read More

පරිසරයට අහිතකර ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි.

සෞඛ්‍යට සහ පරිසරයට අහිතකර අබලි ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (23) නියෝග කළේ ය. විදේශ සංචාරය නිමා කරමින්  දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය වෙත මෙම නියෝගය කර තිබේ. දැනට Read More

අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට ඉඩ සැලසු ගැසට් නිවේදනය අවලංගු කරනවාද ජවිපෙ විමසයි

‍මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීම සදහා අවසර දෙනු ලැබු ගැසට් නිවේදනය අවලංගු කරන්නේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (23) රජයෙන් ප්‍රශ්න කර සිටියේය. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. නීතියේ සිදුරකින් රිංඟා අපද්‍රව්‍ය අඩංගු බහාලුම් සිය ගණනක් මෙරටට ආනයනය කර ඇති බවට වන පුවත් හේතුවෙන් Read More

ත්‍රස්ත ප්‍රහාරයේ තොරතුරු සැපයු පුද්ගලයාට පොලීසියෙන් ලක්ෂ 50 ක්

ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ගේ තොරතුරු සැපයු පුද්ගලයකු සඳහා ඇඟයීමට ලක්කර ත්‍යාග මුදලක් පිරිනැමීට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තිරණය කර තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම පිළිබඳව තොරතුරු සැපයු පුද්ගලයකු ඇඟයීමට ලක් නොවු බවට එම පුද්ගලයාගේ හඬපටයක් සමඟ පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රවෘත්තියක් විකාශ විය. එම ප්‍රවෘත්තිය පිළිබඳ පොලිස් මුලස්ථානයේ අවධානය යොමු වී ඇති අතර මෙම Read More

ආගමික අන්තවාදය පාලනය කිරිමේ අනපනත් හදිසියේ ගෙන එන්න එපා

ආණ්ඩුවට ලකුණු දමා ගැනීම සදහා ආගමික අන්තවාදය පාලනය කිරීමේ පනත් හදිසියේ ගෙන ඒමෙන් වලකින ලෙස බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. බොදු බල සේනා ජාතික මෙහෙයුම් කාර්යාලයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී  තවදුරටත් අදහස් දක්වමින් බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද කීහ. විශේෂයෙන්ම අද දවසේ දී මේ මාධ්‍ය හමුව Read More

එන්ගලන්තයේ කුණු මුතුරාජවෙලට අතහැරීමේ සුදානමක් පරිසරවේදින් හෙළිකරයි

එංගලන්තයේ සිට මෙරටට අපනයනය කර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපදාව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste)හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ මහතා අවධාරණය කරයි. රේගු නිලධාරීන් විසින් කන්ටේනර් 130 ක බහළු අපද්‍රව්‍ය මෙට්‍රික් Read More

විපක්ෂ නායක හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය. සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී Read More

t

o

p