Local News

අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.   ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මධ්‍යම, Read More

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත. උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසියක චී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට ඇත. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත.

රට සාරි සමග අයිස්

රුපියල් එක් කෝටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ, ඒවා මෙරටට රැගෙන ආ 53 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද අලුයම 1.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී-001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ Read More

පලාලි ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කෙරේ

පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්ව පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් වශයෙන් සැලකේ. පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, Read More

ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ් සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ පවසයි. ඒම පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දියත් කර තිබූ අතර කොළඹ, කොටුව, දුම්රියපොළ ඉදිරිපිට පැවැති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට ඒක් වෙමින් ඔහු මේ බව පැවසීය. ජනාධිපතිවරණයක් Read More

සජිත් ජනාධිපති කරන්න රනිල් ඉදිරිපත් කළ යෝජනාව පාක්ෂිකයෝ අනුමත කරති

එක්සත් ජාතික පක්ෂ‍යේ 2019 ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත්, එක්සත් ජාතික පෙරමුණෙහි සියළු පක්‍ෂවල හා අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියළු පාර්ශවන්ගේ හා පුද්ගලයන්ගේ සහයෝගය පක්‍ෂයේ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03) යෝජනා සම්මත කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා Read More

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට

පවතින වර්ෂ සහිති කාලගුණයක් සමග නැවක ඩෙංගු රෝගය හිස ඔසවා ඇති බැවින් එය මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ඔක්තෝබර් 03‍, 04 සහ 05 යන දිනවල දිවයින පුරා පැවැත්වීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර ඇත.   විශේෂයෙන් දකුණ, සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රකාශයට Read More

පරිපාලන සේවා වර්ජනය අවසන්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 3000 සිට 15000 දක්වා දැනට ගෙවන විධායක දීමනාව සේවා කාලය නොසලකා මෙසේ පොදු දීමනාවක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා Read More

2.00න් පසු වැසි

බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    එසේම නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකිය.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සති අන්තයේ

අපේක්ෂකයින් 339369 දෙනෙකුගේ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

t

o

p