Local News

පරිපාලන සේවා වර්ජනය අවසන්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15,000ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට රුපියල් 3000 සිට 15000 දක්වා දැනට ගෙවන විධායක දීමනාව සේවා කාලය නොසලකා මෙසේ පොදු දීමනාවක් ලෙස ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා Read More

2.00න් පසු වැසි

බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    එසේම නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකිය.   බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සති අන්තයේ

අපේක්ෂකයින් 339369 දෙනෙකුගේ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. වෙළපළෙහි ලොකුළූණු කිලෝවක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බැවින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කීය. ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද අද (01) Read More

අනිද්දා සුරාසැල් වැසේ

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් ලබන 03 වනදා සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විවෘත කොට තිබෙන සුරාසැල් ඵම බලපත්‍ර ලත් ස්ථාන වලට ඵරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කොට ඵම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කිරීමටත්‚ මත්පැන් සැපයුම් දාමයට අදාල නීත්‍යාණුකූල කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලාගැනීමටත් සියළුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් දී ඇත.  

රණවිරු විරෝධතාවය අවසන්

ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද විරෝධතාව පැවති Read More

සිවිල් සංවිධාන නියෝජිතයින් අගමැති හමුවේයි

අද සිවිල් සමාජය මෙතැනට පැමිණීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. අපි සටන් ගණනාවක යෙදිලා තියෙනවා. අපි සියලූ දෙනාම එකට වැඩකරපු නිසා අද නිදහසේ කතා කරන්න පුළුවන්. නිදහසේ ක්‍රියා කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙනවා. අයුතු විදිහට ක්‍රියා කරන්නවත්, බලපෑම් කරන්න යන්නෙවත් නැහැ. සුදු වෑන් අද ලංකාවේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය අවසන් Read More

හංස හූනියම මෙවර නැත්තට නැති කරන්න යයි

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ තබාගෙන සජිත් අවතාරය පරාජය කරමින් හංස හූනියම මෙවර නැත්තට නැති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. 2015 වසරේ සිට මේ රටට තිබෙන ලොකුම හූනියම හංසයා බව පැවසූ රණතුංග මහතා එම හූනියම කැපිය හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවත් අවධාරණය කළේය. රණතුංග Read More

සිව්වන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් Read More

සජිත්ට සහය දෙන්න එස්.බී නාවින්න යළි එජාපයට

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා සඳහන් කරයි. ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

t

o

p