Local News

ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් හා පස්කඳු කඩා වැටෙයි

මහ වැසි සමග ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණාඇල්ල දක්වා කොටසේ ස්ථාන කීපයකට අද(12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩා වැටී ඇත.  අවධානම් තත්ත්වයක් තවමත් පවතින බැවින් විමසිලමත් රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද  කරයි. රාවණා ඇල්ලේ ජලකද විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින්නැයි උපදෙස් දෙයි.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක්

ධර්මධර විනයධර උගත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංගායනාවක් පවත්වන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල‍යක් ස්ථාපනය කර බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට මාතෘ භූමිය පත් කරන බව පැවැසූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාලි භාෂාව අභාවයට යන්නට ඉඩ නොදී තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පාලි භාෂාවෙන් Read More

ආර්ථිකය බුද්ධිය මත පදනම් වු ආර්ථිකයක් බවට පත් කිරීමට යයි

ලංකාවේ ආර්ථිකය බුද්ධිය මත පදනම් වු ආර්ථිකයක් බවට පත්කරන්නට බලාපොරොත්තු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පදනම් ආයතනයේ පැවති විශ්ව විද්‍යාල ආචාර්යය වරුන්ගේ හමුවේදි සදහන් කළේය.. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, රටටත් ජනතාවටත් ඵලදායි ප්‍රතිඵත්ති මාලාවන් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය වඩා සාර්ථකව සිදු ක්‍රියාත්මක Read More

ඇල්පිටිය සභික ලැයිස්තුව ඉදිරි දින කිහිපයේදි ගැසට් ‌කෙරේ

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් ගැසට් කිරීම සදහා යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළේය.  කොට්ඨාශ ජයග‍්‍රහණය කළ සභිකයින් දාහත්දෙනාගේ නම් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී විසින් නම් කරන අතර ලැයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයින්ගේ නම් පක්ෂ ලේකම්වරුන් විසින් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු ය.  පක්ෂ ‌ලේකම්වරුන් විසින් එවනු Read More

ඇල්පිටිය ‌කොහොමත් අපට අවාසිසහගතයි – සුජීව ‌සේනසිංහ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද පරාජයත් සමඟ ඉදිරි ජයග්‍රහණ සඳහා තවදුරටත් වෙහෙසෙමින් ශක්තිමත්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ බව පැවසුවේ අද (12) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයී. 2014 පළාත් සභා මැතිවරණයේදීත් මේ හා සමානම ඡන්ද ප්‍රතිඵලයක් ලැබුණු නමුත් 2015 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට Read More

මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම

කොළඹ, අලූත්කඩේ ප්‍රදේශයේ පැවති මැද කොළඹ, එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල රැගෙන අරලියගහ මන්දිරයට මා හමුවීමට පැමිණෙන බව මැද කොළඹ සංවිධායක ෆයිරුස් හජ්ජියාර් මහතා සඳහන් කළා.  නමුත් මම පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසේ ජීවත් වන බව එතුමාට මතක් කර Read More

පාස්කු ඉරිදා ප්‍රහාර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි Read More

72% ක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද ප්‍රකාශ කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට සවස 4 ට අවසන් විය. ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ සියයට 72ක ප්‍රතිශතයකට ආසන්න වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී Read More

මැතිවරණ පැමිණිලි 269ක්

ගතවු දින 03ට මැතිවරණ පැමිණිලි 269ක් මැතිවරණ කොමිෂන්සභාව වෙත ලැබී තිබේ. කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 109ක් මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 02ක් ද ඒ අතර වන බවයි. 

පාසල් බස් රථයක් පෙරළී සිසුන් 5ක් රෝහලට

සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්  අද (11) උදෑසන දඹුල්ල රන්දෙණිවැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් 70ක් පමණ සිට ඇති අතර බස් රථය පෙරළෙනවාත් සමඟ අසළ තිබූ කොහොඹ ගහක හේත්තු Read More

t

o

p