Local News

සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව ඇමතු අගමැති

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු කරලමින් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙසත්, ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ ඔස්සේ ව්‍යවස්ථාව ඇතුළු සියලූ ප්‍රතිසංස්කරණයන් සිදුකරමින් ශ්‍රී Read More

ගෝඨාභය රාජපක්ෂ දුමින්ද දිසානායකව නිවසටම ‌‌‌ගොස් හමුවේ

ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ගෙදරට පැමිණියේය. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණියේය. දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය Read More

අපජලය එකතු කරන ටැංකියේ සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි සැකයක්

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ  සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි සැකයක්. අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ 2019.10.07 වන දින රාත‍්‍රී 8.30 ට පමණ අපජලය එකතු කරන නියාමන ටැංකියේ සිදු වූ පිපිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කරමි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පරිපාලිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය Read More

ජාතික විශ්‍රාමික දින සැමරුම් උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරීමට හැකි වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බව ද පැවසීය. ඒ ඉලක්කය සපුරාගැනීමේ අරමුණ ඇතිව අපනයන ආර්ථිකය නිර්මාණයට දායක වන පෞද්ගලික අංශයට සහාය වීම සඳහා Read More

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ බර වාහන ධාවනය නවතී

හැටන්  කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලීසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ ටොන් 5 ට වඩා බර ලොරි රථවලට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවා ඇත. මාර්ගයේ කොටසක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ මගි ප්‍රවාහන බස් රථවලට සහ අනෙකුත් සැහැල්ලු වාහනවලට එක් මංතිරුවක් ඔස්සේ රථවාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කර ඇත.ගිලා Read More

සජිත් ගංගාරාමයේ ආගමික වතාවත්වල

රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ. විහාරස්ථානය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පළමුව බුදුන් වැඳ විහාරස්ථාන භූමියේ පිහිටි බෝධීන් වහන්සේට වතාවත් Read More

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි

මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට ඇති පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ. පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇත.

නාම යෝජනා භාරගැනීම අවසන්

රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන 9.00ට නාමයෝජනා භාර ගැනීම ආරම්භ විය. ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු  ඇප තැන්පත් කලත් අපේක්ෂකයින් 35  දෙනෙකු  පමණක් අද (7) නාම යෝජනා බාර දී  ඇති බව සදහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා Read More

දුම්රිය වර්ජනය12වන දිනටත්

දුම්රිය වර්ජනය අද (07) 12 වන දිනටත් තවදුරටත් කි‍්‍රයාත්මකය. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබුණද, වර්ජනය නතර නොකරන බව දුම්රිය වෘත්තීය සමිති ප‍්‍රකාශ කරයි.   මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ද සියලූ රාජ්‍ය සේවකයින්ගෙන් ඊයේ(06) ඉල්ලා සිටියේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වර්ජන කි‍්‍රයාමාර්ගවල නිරතවීමෙන් වළකින ලෙසයි.

ශ්‍රීලංනිප තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.   සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇත.

t

o

p