Local News

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? තීන්දුව හෙට

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද නැද්දැයි යන්න හෙට (20) පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීම්කදී තීරණය කිරිමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරිණයේදී පැවැති පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමේදී මෙම තීරණයට එළඹී ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වී නැත. බදාදා (20) Read More

ඉල්ලා අස් වීම් සාමූහික තීන්දුවකට

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමෙන් පසු ආණ්ඩුව යම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන අතර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු ,කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වන විට සිය අමාත්‍යධූරවලින් ඉවත් වී ඇත. කණ්ඩායමක්, ආණ්ඩුව නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට භාර දිය යුතු බවට කරුණු දක්වා ඇති අතර තවත් කණ්ඩායමක් පවසා ඇත්තේ තවදුරටත් එජාප පෙරමුණ ආණ්ඩුව පවත්වාගෙන යා Read More

දේශපාලනික වශයෙන් එළඹ ඇති අසීරු අවස්ථාවේදී පක්ෂයත් – පාක්ෂිකයාත් රැකගෙන ඉදිරියට යනවා

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරයි. Read More

අගමැතිගෙන් සුභ පැතුම්

අලූතින් පත්වූ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපගේ සුභ ප්‍රාර්ථනා පිරිනමමු. ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්‍ෂ නායකයින් සමග ද, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

ඉදිරි පියවර ගැනීමට සියලු මන්ත්‍රීවරුන් රැස්වේ

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද(18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය. එක්සත් ජාතික පකෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදි අද පසුවරු 2.00ට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිත බව ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා, සමාජප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත‍්‍ය Read More

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය

මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බැලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මේ ගෞරවණීය Read More

රාජපක්ෂ සුසංයෝගය තුළින් නැවත වරක් මේ රට ස්වර්ණමය යුගයකට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මන්ත්‍රීවරයා Read More

සජිත්ව අමාරුවේ දැමු මංගල, හරීන්, අජිත් කරළියට – රනිල්ට පරාජයේ වගකීම

සජිත්ව අමාරුවේ දැමු මංගල හා අජිත් පෙරේරා නැවත සජිත් අමාරුවේ දැමීමට සැරසෙයි එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජයේ වගකීම භාරගත යුතු බවත් ඔහු ඉල්ලා අස්වී පරජිත නායක සජිත්ට පක්ෂ නායකත්වය දිය යුතු බවටත් කියමින් මංගල, හරීන්, අජිත් පෙරේරා සටනක් ආරම්භ කර ඇත. සජිත්ට පක්ෂ නායකත්වය නොදෙන්නේ නම් පක්ෂය පිරිසක් සමග කඩාගෙන ගොස් වෙනත් පක්ෂයක් Read More

ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 13 කින් ජනපතිධුරයට

07 වන විධායක ජනාධිපතිවරයා  තෝරා පත්කරගැනීම සඳහා වු ඡන්ද විමසීම ඊයේ(16) දිනයේ පැවත්වු අතර ඒ සඳහා එක් කෝටි පනස් නව ලක්ෂ 92,096ක් සුදුසුකම් ලබා තිබුණි. ඡන්ද 69 ලක්ෂ 24,255ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 52යි දශම දෙකයි පහක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව තිබේ. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පනස් පන් Read More

තන්තිරිමලේදී එජාප පාක්ෂිකයන්ට වෙඩි ප්‍රහාරයක්

පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර පහරදුන් පුද්ගලයන් විසින් ස්ථාන කිහිපයකදී මාර්ගයට විශාල ගස් යාන්ත්‍රික කියත් භාවිතයෙන් කපා පෙරලා මාර්ගය Read More

t

o

p