Local News

රටේ ආරක්‍ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් 16 වැනිදා කතිරය නිවැරදිව ලකුණු කරන්න

රටේ ආරක්‍ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සඳහා නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව කොළඹ දී පැවසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට මුවාවී, ජනතාවගේ නිදහස Read More

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ ඉඩම නැවත වත්තල මාබෝල නගර සභාවට

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විකුණා තිබූ වත්තල-මාබෝල නගර සභාවට අයත් පර්චස් 79 ක ඉඩමක් රාජ්යර ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය අගෝස්තු 22 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව නැවත පවරාගැනීමට එම නගර සභාව කටයුතු කර තිබේ. මේ මගින් විශාල වත්කමක් නැවත රජයට හිමිවීම පිළිබඳ රාජ්යැ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ස්තූතිය බස්නාහිර පළාත් සභා නිලධාරීන් වෙත හිමි විය.පාර්ලිමේන්තු මන්ත්‍රී Read More

විශ්ව විද්‍යාල 15 ක් රුපියල් මිලියන 7,083ක් ප්‍රයෝජනයට ගෙන නැහැ

මෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව සහ 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත. මෙයට අමතරව විශ්ව විද්‍යාල වෙත වාර්ෂිකව ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන Read More

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට සහභාගි වන්නැයි කථානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව 2019 නොවැම්බර් මස 11 වැනි සඳුදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බැවින් ඊට සහභාගී වන ලෙස කථානායකතුමන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

ඥානසාර හිමිට එරෙහි දෙමළ සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන සහ පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා වගඋත්තර කරුවන් කරමින් ගොනු කල නඩුව අභියාචනාධිකරණයේදී Read More

හිරු මාධ්‍යය එක් අපේක්ෂකයකුට පක්ෂපාතී වීම ජනතා කැමැත්තට බාධාවක්

ජනාධිපතිවරණ සමයේ හිරු මාධ්‍ය ජාලය එක් අපේක්ෂකයකුට වාසි සැලසෙන අයුරින් පක්ෂපාතීව කටයුතු කිරීමත්, වැරදිසහගත සහ සත්‍යයෙන් තොර ප්‍රවෘත්ති සහ තොරතුරු ජනතාව අතරට ගලා යාම මඟින් ඡන්දදායකයින්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විදුලි පණිවිඩයක් යවමින් දන්වා සිටියි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම Read More

ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ තබන්නේ නෑ

තම ජයග්‍රහණයෙන් පසුව ස්ථාපිත කරන රජයක් යටතේ ත්‍රස්තවාදයට නැවතත් හිස එසැවීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි අදාළ සියලු අංශ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසය සකසන බව පැවසූ රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ රජය සමයේ ක්‍රියාවට නංවා තිබුණු Read More

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය 11 වනදා

ස්ථාවර නියෝග 16 යටතේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන නොවැම්බර් 11 වනදා පෙරවරු 11.30 සි‍ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරනු ලැබීය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූ අතර ඒ අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත Read More

නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ සැලැස්මක්

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ වැඩ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නොදියුණු පාසැල් ඒ අයුරින්ම පවත්වාගෙන යෑමේ Read More

විද්‍යාපීඨ වසා දැමු පුස කරන්නේ කුමක්දැයි වහාම රටට හෙළි කරන්න

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 21 වෙනි පිටුවේ  සඳහන් පරිදි විද්‍යාපීඨ වසා දැමු පුස කරන්නේ කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙලදී ප්‍රකාශ කළේය. විද්‍යාපීඨ වසා දමන බව ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇතත් විද්‍යාපීඨ වසා දැමු විට කරන්නේ කුමක්ද කියා එහි සදහන් නොවන Read More

t

o

p