Local News

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමාවූ මෙවර විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, Read More

ව්‍යාපෘති ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි

මහජන මුදලින් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති,ආයෝජන සහ අනෙකුත් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇගයීමට ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි. පාර්ලිම්න්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප‍්‍රතිපත්තිල අයවැය මගින් වෙන්කරනු ලබන මුදලින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කෙරෙනු ඇත. එම ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම අදාල පනත් Read More

වතුකම්කරුවන්ට අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමේ ප්‍රයත්නයක්

අහිංසක වතුකම්කරුවන්ට ලබාදෙන දීපාවලී අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කරමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම් තිලකරාජා මහතා පවසනවා.  ඒ් මහතා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම වෙත ගොස් ඒම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමෙන් අනතුරුව කොල්ලුපිටියෙහි පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින්. අමාත්‍යවරුන් වන නවීන් දිසානායක මහතා Read More

ගෝඨාභය-ශ්‍රීලනිප දෙවැනි ගිවිසුමට හෙට(19) අත්සන් තබයි

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර දෙවැනි අවබෝධතා ගිවිසුම 19 වැනිදා අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගතවීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම පසුගිය 10 වැනිදා අත්සන් කළ අතර තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීම‍ට නියමිත Read More

ජංගම ගණිකා නිවාසයක් කතුන් සමග අත්අඩංගුවට

අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම  ගණිකා නිවාස පවත්වාගෙන යන තායි ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු  අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සැකකාරියන්  එක   ඇනවුමක්  වෙනුවෙන් රුපියල් 10,000,  -15, 000 අතර මුදලකට අලෙවි වන බවද පොලිසිය පවසයි.   අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් වයස Read More

මන්නාරම් මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවතා දැමේ

කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමඟ ගලා එන ජලය හේතුවෙන් කළාඔයේ ජල මට්ටම  ලෙස ඉහල  ගොස් ඇති බැවින් පවතින අවදානම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා  ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාර මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ , සපත්තු පාලම  මතින් Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව ඔක්තෝබර් 19 වන සෙනසුරාදා රාතී‍්‍ර 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කොළඹ 13, 14 , 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 ප‍්‍රදේශයන්ට Read More

අසත්‍ය ප්‍රචාරයක් ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡයාරූපයක් සමඟ නැගෙනහිර දේශපාලඥයෙකු ඡායාරූපයක් එක්කොට ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපෘතියක් යන පරිද්දෙන්  සැකසු පොස්ටරය අසත්‍ය ප්‍රචාරයක් බව පොදුජන පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.   මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් Read More

මට්ටක්කුලියේ මෝටර් රථයක් ගැන අසත්‍ය ප්‍රචාරයක්

මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබි ඇත.  අනතුරුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදි සුඛෝපභෝගී මෝටර් රථයක් හමු වු බවත් එහි කාර්මික දෝෂයක් ඇති වු බැවින් ඊයේ (15) රාත්‍රීයේ එම ස්ථානයේ සිය මෝටර් රථය තබා ගිය බව එම Read More

t

o

p