Local News

රනිල් මහමැතිවරණයට කොළඹින්

එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළැඹෙන  මහමැතිවරණයට කොළඹ  දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි  සිරිකොත පක්ෂ මූලස්ථානය සදහන් කරයි. එමෙන්ම එළැඹෙන මහමැතිවරණයේදී කිසි ලෙසකින්වත් ජාතික ලයිස්තුවට  ඇතුලත් නොවීමට කතානායක කරු ජයසූරිය මහතා  තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි. දැනට තිබෙන දේශපාලන  වාතාවරනය  අනුව කථාකනායක කරූ ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්  මහමැතිවරණයට Read More

රාජපක්ෂලාට තුනෙන් දෙක්ක ලැබෙන්නේ නෑ

ඉදිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට Read More

ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110 කට සම්මාන

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව  2018 වර්ෂයේදී  ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කථානායක කරූ ජයසූරිය මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28)  සිදු කෙරේ. 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට,කාරක Read More

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුමත කරන්න යයි

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කරගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ. සමගි ජන බලවේගය සෙසු පක්‍ෂ සමග සන්ධාන ගතවීමේ උත්සවය සඳහා. ආරාධනා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිය Read More

කෝවිඩ් 19 මූලාරම්භය චීනය නොවෙයි

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි. චීනයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු සඳහන් කළේය.

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.  අද (27දා) නිකුත් කළ මෙම නිවේදනය හෙට තෙක් වලංගු වෙයි. වයඹ, බස්නාහිර පළාත්වලටත් මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් අදළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ගව මස් වෙළඳසැල් තාවකාලිකව වසා තැබිමට නියෝග

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පැතිර පවත්නා සත්වයින්ට වැළඳී ඇති මුඛ හා කුර රෝගය පාලනය සඳහා එම සතුන් මධ්‍යම පළාත තුළ ප්‍රවාහනය කිරීමේදී දැඩි නීති රීති පැනවීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය පියවර ගෙන ඇත . මේ වනවිට මෙම රෝගය මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන අතර Read More

නව රජයේ රැකියා ලබා දීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

දිවයින පුරා බහු කාර්ය සංවර්ධන බලකාය සදහා බදවා ගැනීමේ සමුමුඛ පරීක්ෂණ අද 26 දින දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ආරම්භ විය. මේ සදහා දැඩි උනන්දුවකින් ප්‍රදේශයේ තරුණ තරුණියන් මෙනම වැඩිහිටි පිරිස් ද සහභාගී වනු දැකිය හැකි විය.

පැලවත්ත – කොට්ටාව මාර්ගය ගුරු – විදුහල්පතිවරුන් එකතුව අවහිර කරයි

ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලීසිය කියයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත් වෙන උද්ඝෝෂණය ‍නිසා රථ වාහන තබ බදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

වියළි කාළගුණයෙන් දිස්ත්‍රික්ක 4කට පීඩා

පවතින වියළි කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටියි වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

t

o

p