Local News

එතෙර සිටින ලාංකිකයින්ට රජය සමඟ සම්බන්ධ වන්න ‘contactsrilanka’

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කෙරුණා. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය Read More

කොරෝනා ආසාදිත තවත් 04 දෙනෙකුට සම්පුර්ණ සුවය

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කල තවත් පුද්ගලයින් 04 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් ඇත. මීට පෙරද රෝගීන් 03 දෙනෙකු සම්පුර්ණ සුවය රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 07 ක්.

අත්‍යාවශ්‍ය සේවා රැසක් ජනපති නම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා.. මීට අමතරව සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම ද අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ

මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘත වෙයි

පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිඛෙනවා. 0114 35 45 50 , 0114 35 46 55 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් 077 374 3718 අමතා මහජන සම්බන්ධතා Read More

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ගත වු පැය 24 තුළ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්. ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර Read More

නිරෝධායනයට ලක්වූ තුන්වන කණ්ඩායම නිවෙස් වලට

මෙරට නිරෝධායන ක්‍රියාවලියට යොමු වී සිටි පිරිස අතරින් තුන්වන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි. ඊට පුද්ගලයින් 163 දෙනෙකු අයත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසයි. ඔමෙන්ම තවත් පුද්ගලයින් 3086 ක් නිරෝධායන මධ්‍යස්ථාන 46කදී නිරෝධායනයට ලක්වන බවද යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

විශ්‍රාම වැටුප් ගෙවීම ලබන 03 වැනි දා

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවයි. මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු Read More

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 3700ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සිකුරාදා සවස 6.00 සිට ඊයේ රාත්‍රී දක්වා කාලය තුළ අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

t

o

p