Local News

කිලෝග්‍රෑම් 323 ක ගංජා අත්අඩංගුවට

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් ඉකුත් ජයපුරම්, වෙරාවිල් ප්‍රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක Read More

පාර්ලිමේන්තුව විසුරවීමේ බලය අද(1) රාත්‍රියෙන් පසුව ජනපතිට

අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුවේ වසර 5 ක කාල සීමාවෙන් වසර හතරහමාරක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා හැකියාව පවතී. ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

MCC ගිවිසුම අත්හිටුවයි

සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) ජාතියේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙම ගිවිසුමේ යෝජිත ඇතැම් ව්‍යාපෘතීන්වල ශ්‍රී ලංකාවේ ජාතික, සමාජ හා ආර්ථික සුබ සිද්ධියට අහිතකර බලපෑම් එල්ල විය හැකි අංග ඇතුළත්ව ඇති බවට, ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර ආණ්ඩුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් Read More

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන

රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදු විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා Read More

රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කිරීම අනුමතයි.

මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි. එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග Read More

දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණයක්

මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයේ සදහන් කර ඇති Read More

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ඒකමතිකව අනුමත වෙයි

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය. ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමේදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කරගත යුතුව ඇතැයි පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට කළ දැනුම් දීම මත එහි ව්‍යවස්ථාව ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් Read More

කැළණිවැලි නව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි ජනතාවට නව නිවාස

තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන්  ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පළමු අදියර ආරම්භ විය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 70 ක් ලබාදිම වෙනුවෙන් එම නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. විදුලිබල, Read More

රනිල් මහමැතිවරණයට කොළඹින්

එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළැඹෙන  මහමැතිවරණයට කොළඹ  දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි  සිරිකොත පක්ෂ මූලස්ථානය සදහන් කරයි. එමෙන්ම එළැඹෙන මහමැතිවරණයේදී කිසි ලෙසකින්වත් ජාතික ලයිස්තුවට  ඇතුලත් නොවීමට කතානායක කරු ජයසූරිය මහතා  තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි. දැනට තිබෙන දේශපාලන  වාතාවරනය  අනුව කථාකනායක කරූ ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්  මහමැතිවරණයට Read More

රාජපක්ෂලාට තුනෙන් දෙක්ක ලැබෙන්නේ නෑ

ඉදිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට Read More

t

o

p