Local News

බිල්පත් නිකුත් කිරීමේදි විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සකස්කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත..  බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද Read More

සුරාසැල් අසළ අද සිට විශේෂ වැඩපිළිවෙලක්

සුරාසැල් අසල පිරිස් අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීම සඳහා අද (14) සිට විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලීසිය පවසයි. ඇඳිරි නීිතිය ලිහිල් කළ දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් විවෘත කෙරුණා. විවෘත කෙරුණු සුරාසැල් අසල දිගු පෝලිම් පැවති බවත් මෙලෙස Read More

රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අයයි

අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අය පමණක් යැයි  එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැසීය. කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී ඇති මේ අවස්ථාවේ ජනතාව සමඟ කටයුතු කර පළපුරුදු නිලධාරින් පමණක් උසස් තනතුරු වලට පත්කළ යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. Read More

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස ඉහළ ගොස් ඇත්තේ, නව ආසාදිතයින් 22 දෙදෙනකු හඳුනාගැනීමත් සමගයි. මේ අතර මේ දක්වා සම්පූර්ණ සුවය ලබා ආසාදිතයින් 382 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

රාජිත රිමාන්ඩ්

රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. ‘‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19  ආසාදිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.   අනෙක් දෙදෙනොගෙන් එක් Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ. මේ අතර ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇදහැලීමත් සමඟ දැදුරු ඔයේ ජල මට්ටම ඉහල Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය තවත් කෙටි කාලයක් පවතින ලකුණු

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තවත් කෙටි කාලයක් ගත වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසන් වරට රෝගියෙකු හඳුනාගනු ලැබුවේ මෑතකදීත් බවයි අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ. එබැවින් කොළඹට සහ ගම්පහට මෙම සීමාවන් පැනවීමට සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

රට විවෘත කලේ මිනී පෙට්ටි 1000ක් වේලාසනම ගෙන්වලා

රටේ ජනතාව නැවතත් තුන් බියකට ගොදුරු වී තිබෙන බවත් එම තුන් බිය දුරු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය. දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කොරෝනා සිද්ධියෙන් පසුව රට විවෘත කිරීමේ රජය ගත් තීරණය පිළිබඳව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. රට විවෘත කළද එය සිදු Read More

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

මෙවර නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා . එමඟින් පුරෝකථනය කර ඇත්තේ ගංවතුර, නාය යාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවටයි. වර්තමානයේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමඟ නිරිතදිග මෝසමත් සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව Read More

t

o

p