Local News

ජනපතිට උපදෙස් දෙන්න ගිය සජිත් ප්‍රේමදාස කුණු බැණුම් අසාගනි

ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් කල සාකච්ජාවකදී ඔහු දුන් උපදෙස් කාලෝචිත නොවන බව කියමින් ජනාධිපතිවරයා ඔහුට දැඩිව දොස් පවරා ඇත. තමා ඒකාධිපතියෙකු බව තැන් තැන්වල කියවන කෙනා ‍‍‍‍‍‍‍රට පාලනය කරන්නේ කෙසේදැයි කීමට අවශ්‍ය නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා නිතර තමාට දුරකතන ඇමතුම් දෙමින් කරදර නොකරන ලෙසටද කියා Read More

ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට

බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කොරෝනා වසංගතයක් ආකාරයට ව්‍යප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. කොරෝනා වසංගතයට මුහුණදීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අනුමත කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන්ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය මගින් පෙන්වා දීමට නියමිතව පවතියි  Read More

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙය කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 7 වැනි මරණයයි. ඔහු අවුරුදු 44 ක් වියැති අයෙකි.

දඹුල්ල හා කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන දින නියමයක් නොමැතිව වසා දමයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සැලකිල්ලට ගෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කීපයක් දින නියමයකින් තොරව වසා දැමීමට රජය තිරණය කර ඇත. ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා උඩරට එළවලූළු අලෙවි ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇති Read More

නිරෝධායන කාලය දින 21 දක්වා වැඩි කිරීමට යයි

නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරන පුද්ගලයින් නිරෝධායනයට ලක්කෙරෙන කාලය දින 14 සිට දින 21 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්ව නිවෙස් බලා ගිය කීපදෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හමුවීමත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම කීය.

සජිත් යළිත් සිය කණ්ඩායම පාවා දෙයි

පක්ෂ නායක හමුවේදී පාර්ලිමේන්තුව යළි රැස්කරවීම සම්බන්ධයෙන් කතා කරමු යැයි  විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුට පොරොන්දු වූ සජිත් ප්‍රේමදාස මහතා එය ඉටු නොකිරීම පිළිබඳව එම පක්ෂ නායකයෝ තමන් යළිත් රැවටුන බව කියමින් ඉන් පිටව ගොස් ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක හමුවේ දී පාර්ලිමේන්තුව යළි රැස්කරවීම ගැන කතා කරමු යැයි Read More

t

o

p