Local News

මත්පැන් හල් යළි වසා තබන්නැයි නියෝග

දිවයින පුරා සියල් මත්පැන් හල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙස රජය නියෝග කර තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කලට පනවා තිබූ ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග මත්පැන් හල් විවෘත කිරීමට රජය අවසර ලබා දී තිබුණා.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මේ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තහවුරු කළේය. මැතිවරණ කොමිසම අද රැස් වූ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, සෞඛ්‍ය , තැපැල්, මුද්‍රණ ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ද සාකච්ඡා කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු තවත් බෝම්බ ප්‍රහාර මාළාවක් එල්ල කිරීමේ සැලැස්මක් ගැන තොරතුරු හෙළිවෙයි

2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට දෙවැනි වරටත් ප්‍රහාර මාළාවක් එල්ල කිරිමට සහරාන් හෂීම් ගේ කණ්ඩාම සැලසුම් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් Read More

කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළට

අද (20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුුව ‌මෙරට ‌කොරෝනා ආසාදිතයින් ගණන 295ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ. අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද(20) පැවැත්වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා Read More

කොරෝනා සුවවූ දකුණු කොරියාවේ 179කට යලි කොරෝනා වැළදේ

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ දකුණු කොරියාවේ පුද්ගලයින් 179 දෙනෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝගය සුව වූ පුද්ගලයින් 8,042 දෙනෙකු යළි පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම පිරිස හදුනාගෙන ඇති බවයි. එහි විශේෂත්වය වන්නේ එම පිරිසෙන් සියයට 22.9% ක්ම වයස අවුරුදු 20 දක්වා වූ කාණ්ඩයේ පිරිසවීමයි.

කොළඹ වරායේ බහලුම් වැඩි වීමෙන් ගැටලුවක්

කොළඹ වරායේ බහාලූම් අංගනය මේ වනවිට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් ඇති බැවින් එහි තිබෙන බහාලූම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. වරාය පරිශ්‍රයේ ඇති පහසුකම් අනුව බහලුම් 30000ක ප්‍රමාණයක් පමණක් තබා ගැනීමේ හැකියවක් ඇති බවයි එහිදී පෙන්වා දුන්නේ. දැනටමත් 25000කට අධික බහලුම් ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කළා. 

ආර්ථිකය යළි පනගැන්වීමේ උපාය මාර්ග සති අන්තයේදී ප‍්‍රකාශයට

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

කොරෝනාවට මුහුණ දීමට පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කාවින්ද පවසයි

කොරෝනා වයිරසය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මුලින්ම පැතිරීම ඇරැඹුණු ඉකුත් ජනවාරි මාසයේදීම ශ්‍රී ලංකාව වයිරසයට මුහුණ දීම සඳහා අවශ්‍ය කොරෝනා පරීක්ෂණ උපකරණ මුඛ ආවණ සහ ශල්‍ය ඇදන්  ආදිය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රමවේදයක් සකස් කළද රජය පාර්ශ්වයෙන් ඊට කිසිඳු යහපත් ප්‍රතිචාරක් නොලැබුණු බව ගම්පහ දිස්ත්‍රික් හිටපු Read More

t

o

p