Local News

අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 10.00 සිට ලබන සෙනසුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතය. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු Read More

කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහලට

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

පළගැටි උවදුර මැඩපවත්වන්න කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි

වගාවන්හි මේවනවිට පැතිර යන පළගැටි උවදුර මැඩපැවැත්විම සඳහා රජය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගොස් තිබේ.  ඊයේ දිනය තුළ පමණක් හමුවූ රෝගීන් සංඛ්‍යාව 10කි.  ඒ අතරින් 6 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සෙබළුන් ද අනෙක් දෙදෙනා ආසාදිත යුධ හමුදා නිලධාරියාගේ සමීපතමයින් ද වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.    මේ අතර ආසාදිතයින් 811 දෙනෙකු මේ වන Read More

රුපියල් 55ට වී නැහැ – සහල් හිගයක් ඇතිවිය හැකියි

රජය විසින් සහල් සදහා උපරිම සහතික මිලක් නියම කළද වී තොග රදවාගෙන සිටින අතරමැදියන් කිලෝව රුපියල් 55 බැගින් වී තමන්ට ලබා නොදීම නිසා සහල් නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බව රත්නපුර දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය පවසයි. අතරමැදියන් සන්තකයේ තිබෙන වී තොග මෝල්වලට ලබා නොදුන හොත් ඉදිරියේදී යළි සහල් හිගයක් ඇතිවෙතැයි ඔවූහු අනතුරු අඟවති. පසුගිය මාස් Read More

ගල්කිස්ස වෙරළ ගොඩකිරීම අපේ ආණ්ඩුවේ වැඩක්ද?

අද (01) උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ වෙරළ තීරයට සාමාන්‍ය පුද්ගලයන්ට ඇතුළුවීමට ඉඩ නොදී ආරක්ෂක අංශ යොදවමින්, පසුගිය කාලයේ ජනතාව රැවටීමට කූට නාටක හා මඩ ව්‍යාපාර සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙක් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්, ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම පිළිබඳව තිර නාටකයක් සමඟ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා විය. මොකක්ද මේ ගල්කිස්ස වෙරළේ සිදුවූ දේ ? මොකක්ද එහි Read More

අග්‍රාමාත්‍යතුමා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම්  සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කොළඹ සියලුම තාවකාලික පදිංචිකරුවන්ගේ දත්ත රැස් කෙරේ

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සියලුම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලු දෙනා පොලීසියේ ලියා පදිංචි විය යුතු බවයි.

දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතාට පාර්ලිමේන්තුවේ දී අවසන් ගෞරව

ලංකා කම්කරු  කොංග්‍රසයේ නායක හා ප්‍රජා සවිබල ගැන්වීම් සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ,  අභවප්‍රාප්ත ගරු ආරුමුගම්  තොණ්ඩමන්  මහතාගේ දේහයට ජනාධිපති  ගෝඨාභය  රාජපක්ෂ මහතා සහ  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව  දැක්වූහ. එමෙන්ම අටවන පාර්ලිමේන්තුවේ කථානායක  කරු ජයසූරිය මහතා ,හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කැබිනට් අමාත්‍යවරුන් සහ  හිටපු පාර්ලිමේන්තු Read More

t

o

p