Local News

රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක එ.ජා.ප ප්‍රතිපත්ති ප්‍රකාශයට

රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩගන්නා මාර්ගය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්නායකයන් ඇතුලත් ගැසට් පත්‍රය පසුගිය ජුනි මාසයේදි නිකුත් කිරීමට හැකියාව Read More

නායයාම් අනතුරු පුර්ව ඇගවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහඑ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන Read More

මැතිවරණයට තරග කළ යුත්තේ එජාපයෙන් පමණයි

එක්සත් ජාතික පක්ෂය සමග එක්වු සෙසු පක්ෂ නියෝජිතයින්ට තනතුරු ලබාදීමට සහ ඔවුන්ගේ අදහස් මත ක්‍රියාත්මකවීමට තමන් සූදානම් නොවු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණය සඳහා තරග කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවය. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව Read More

බුවනෙකබාහු රාජ සභාව විනාශ කිරීමට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව විරෝධය දක්වති

පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරන මහතා විසින් ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ සභාව පසුගියදා ඩෝසර් කර කඩා විනාශ කිරීමට එරෙහිව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව විරෝධතාවයක නිරත වූහ. ජාතික භික්ෂු පෙරමුණ සහ හස්තිශෛලපුර රාජ සභාව විනාශ කිරිමට එරෙහි ජනතා පවුර විසින් මෙම විරෝධතාවය සංවිධානය කර Read More

ඉදිරි පැය 12 තුළ මි.මී 100ට වැඩි වැසි

බස්නාහිර , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට මි.මී 100ක තද වැසි ඇති වේ. මේ අතර, අද උදෑසන කොළඹ ප්‍රදේශ රැසකට Read More

මෙරට තුළ නව කෘෂි ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි

මෙරට තුළ නව කෘෂි ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ජනතාවට ලබා දිය යුතු බවත් ඒ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි සෑම අවස්ථාවකම රටේ ආර්ථිකය උඩු යටිකුරු වු බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. අනුරාධපුර දෙකේ කණුව ප්‍රදේශයේ ඊයේ (18) පැවති Read More

P.H.I වරු සියලු බෝවන රෝග පාලනයෙන් ඉවත්වීමේ තීරණයක

අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතු වලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි . එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

ගතවූ පැය 24 තුල නව ආසාදිතයන් 7 ක් හදුනා ගනී.

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් ඇත. ගතවූ පැය 24 තුළ දී නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගෙන ඇත. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු මේ අතර වෙයි. ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට Read More

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් තවත් පොල්ලක්

සාමකාමීව එක්රැස්වීමේ නිදහස සහ ආශ්‍රය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන්. වූලේ (Clement N. Voule) විසින් කර ඇති චෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂ නියෝජිත ක්ලෙමන්ට් විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ 44 වැනි සැසිවාරයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු Read More

t

o

p