Local News

බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම සහ දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් තක්සේරුවට අනුව වර්ෂා කාලයේ දී ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ගයේ අතැම් ස්ථාන අවදානම් තත්ත්වයට පත්විය හැකි බව හදුනාගෙන ඇත. ඇතිවිය හැකි අවදානම අවම කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම Read More

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි 800 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම සදහන් කරයි.

සුළඟේ වේගය ඉහළට

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වියහැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් වන ලෙසත් ​මීට අමතරව බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ දී තැනින් තැන වැසි ඇති විය හැකි බව Read More

සියලු ජාතික සත්වෝද්‍යානය සහ ජාතික වනෝද්‍යාන අද සිට විවෘතයි

ජාතික සත්වෝද්‍යානය සහ  වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම් පී සී සූරියබණ්ඩාර මහතා පවසනවා.

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read More

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට (15) යළි විවෘත කෙරේ

හෙට (15) සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කළේය.

තාප විදුලිබලාගාර වල බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක්

මෙරට තාප(ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා Read More

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළා. කොළඹ මහ නගර සභාව සිදුකරන කොළඹ නගරය සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීමයි ඊට හේතුව. ඒ අනුව කොළඹ 02, 03, 07, 08 සහ 10 ප‍්‍රදේශ වලට හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාතී‍්‍ර Read More

ගම්පහට අද පෙරහුරු මැතිවරණයක්

ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු මැතිවරණයක් අද පැවැත්වෙනවා. ඒ, ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහායි. එම පෙරහුරු මැතිවරණය අද මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්වෙන බවයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ. අද පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා Read More

කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහලට

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1880ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්. එමෙන්ම ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුවේට් හි සිට මෙරටට පැමිණ අම්පාර Read More

t

o

p