Local News

එජාප නායකත්වය ගැන තීරණය තවදුරටත් කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රැස්වි අභිනව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබිය. පක්ෂයේ ව්‍යවස්ථානුකුලව නව නායකත්වය සැප්තැම්බර් මස මුල් සතියේ කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වි තීරණය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පාන් පිටි කවලම්

අලෙවිය සඳහා වෙළඳපොළේ ඇති කහවලින් 80% කට පමණ පාන් පිටි කවලම් කර ඇති බවට අනාවරණ වී තිබේ. දිවයිනපුරා කළ වැටලිම්වලින් ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලබාගත් සාම්පල් ප්‍රමිති කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කළ බවයි. එහි කහ ඇත්තේ 20% ක් පමණක් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය. මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශ 35කට ලේකම්වරු පත්කරයි

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇති බව සඳහන්ය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකෙරෙන කාන්තාවක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සතුව තිබී බැංකු ගිණුම් 5ක් හඳුනාගෙන ඇති අතර ඒවායෙන් සංසරණය වී ඇති මුදල රුපියල් මිලියන 140කි.

කොකාවිල් කුලුනට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට තිරණයක්

කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ පිහිටි බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාංක මූලස්ථානය පියවර ගෙන තිබේ. කිලිනොච්චිය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව කොකාවිල් කුලුනේ ආරක්ෂාව සඳහා පුහුණුව ලත් විශේෂ යුද හමුදා භටයන්ගෙන් සමන්විත ඒකකයක් යෙදවීමට තීරණය කොට ඇති අතර එම හමුදා සේනාංකයටද මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් Read More

එජාපයේ නායකත්වය භාරගැනීමට තමන් සූදානම් බව කරු කියයි

එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.   හිටපු කථානායකවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්,   “අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා Read More

නවවැනි පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ. එළඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරකසභා කාමර 01 හිදී මෙම වැඩමුළුම පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සියළු කටයුතු Read More

“මෛත්‍රී” පාලගේ රිලා,වඳුරු දඩයම

යමකුගේ මානසිකත්වය දරුණු ලෙස බිඳ වැටීමක දී ඔහු තුළ පවත්නා බිය සේම ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය යන මූලික සත්ව ආවේග ද විවිධ අයුරින් පිබිදිය හැකි බව ලොව පුරා මනෝ විද්‍යාඥයෝ පොදුවේ පිළිගනිති. ඒ බව  යළි අපගේ  සිහියට නැංවෙන ලද්දේ පසු ගිය 20 දා නව පාර්ලිමේන්තු සභා වාරය ඇරඹුමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව Read More

පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ

පාර්ලිමේන්තුවේ රැස්වීම (21) දිනයේදී සහ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ. මේ අතර ඉදිරි සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග Read More

t

o

p