Local News

මහරගම නිවසක කොන්ක්‍රීට් තට්ටුවක් සේවකයෙක්ගේ සිරුරට කඩා වැටේ

මහරගම, අඹගහපුර, සමාධි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් සහ කණුවක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් ඊට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ මිය ගොස් ඇත්තේ, නක්කාවිට, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

තවත් විශේෂ සාකච්ඡාවක් සිරිකොත මුලස්දීථානයේදී අද(13) පස්වරුවේ පැවැත්වේ. ඒ  එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය. ඒ අනුව මෙම රැස්වීම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැත්වෙන බව වාර්තාවේ. අද පස්වරු දෙකට මෙම සාකච්ඡාව ආරම්භවීමට නියමිත අතර මෙහිදී  පක්ෂය තුළ දැනට පවතින අර්බුද සම්බන්ධයෙන් කච්ඡා කිරීමට නියමිතයි.

නව ඇමතිවරුන්ගේ හිතවතුන්ට තනතුරු බෑ

රාජ්‍ය ආයතනවලට පත් කර ඇති සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පෙරේදා (11 ) මේ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

නව කැබිනට් මණ්ඩලය

රාජ්‍ය අමාත්‍යවරු 40 දෙනෙකු දිවුරුම් දීමෙන් අනතුරුව  නව රජයේ කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මේ වන විට සිදු කෙරෙයි.   ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.   අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් Read More

අනුරපුර පුදබිමේ අසරණ සතුන් වෙනුවෙන් කතාබහක්!

විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික අපදා තත්වයන් හමුවේ අනුරාධපුර පූජා නගරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛාදී සතුන් මුහුණ දෙන ජීවිත තර්ජන ඇතුළු අනේක විධ තාඩන පීඩන, දුක් ගැහැට පිටුදැකීම පිණිස පිහිටුවා ගනු ලබන “අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ” සමාරම්භක රැස්වීම 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා පෙරවරු 10.00ට අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම Read More

අගමැති පාර්ලිමේන්තුවේ ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මෙ‍ාහොතකට පසු පාර්ලිමේනතුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලෙකම් කාර්යාලය වෙත ලබා දුන්නේය. අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුලු නිලධාරීන් Read More

කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත. කොන්දේසි සහිතව කරු ජයසූරිය මහතාගේ කැමැත්ත පළ වී ඇත.

20 න් පසු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

ඔන්ලයින් අයදුම්පත පුරවා ලබන 15 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්. අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ. ඒ අනුව සියළු මන්ත්‍රීවරයන්ට සිය තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ නිල Read More

ජනපතිට මංගලගෙන් සුබපැතුමක්!

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කර ගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ Read More

කොරෝනා රෝගීන් 27ක් හමුවේ

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා රෝගීන් ගණන 27 දෙනෙකු වාර්තා වී තිබේ. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙක් හා විදේශයන්ගෙන් පැමිණි 04 දෙනෙකු මෙසේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් සොයාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහල යයි.

t

o

p