Local News

බදුල්ලේ දියඇලි ආශ්‍රිත පාරිසරික විනාශයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ ලක්ෂණ සහිත කඳුවැටි හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසක මේ වන විට පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ නැඹුරුතාවක් දක්නට ලැබෙන බව බදුල්ල දිස්ත්‍රික් පරිසරවේදී සංවිධාන රැසක් පෙන්වා දෙති. විශේෂයෙන් නමුණුකුල, බඹරගල, රාවණා ඇල්ල, නාරංගල, මඩොල්සිම, පුංචි ලෝක­ාන්තය වැනි කඳු පන්ති හා ඒ ආශ්‍රිත ප්‍රදේශත්, දුන්හිඳ, බඹරකන්ද, දියලුම, පීස්ස ඇල්ල හා පස්සර අර්දුණු Read More

එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉවත් කර ගැනීමට අවසර

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ. අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය. මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බව සඳහන් වේ.

කොරෝනා යළිත් පැතිරෙන්න පුළුවන් : සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ලංකාවේ කොරෝනා අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව Read More

කැපූඇළට බලු කරදර

බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් කැපූඇළ ගමේ පදිංචිකරුවන් සිව් දෙනකු පසුගිය සතිය ඇතුළත අයාලේ යන සුනඛයකු සපා කෑම නිසා එම ප්‍රදේශවාසීන් ඉහත් බියකින් පසුවන බව කැපූඇළ පදිංචිකරුවකු වන සුනිල් පැස්කුවල් මහතා දිනමිණට පැවැසුවේය. තමාගේ බිරිය නිවෙසේ මුළුතැන් ගෙයි සිටියදී එතැනට කඩා වැදුණු සුනඛයකු බිරියගේ අත පය සපා කා තමා සුරතලයට ඇති කරන සුනඛයා Read More

ට්‍රම්ප්ට කොරෝනා තහවුරුයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි.

වතු ජනතාවට ලයිම ආශ්‍රිතව නව නිවාස

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති. ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව Read More

පාඨලීගේ හිටපු රියදුරුට මහාධිකරණයෙන් වරෙන්තු

2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පා.ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලදි. ඒ, පාඨලී චම්පික රණවක මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව අද උදෑසන කොළඹ මහාධිකරණයේදී (අංක 04) විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී දෙවන විත්තිකරු Read More

වැඩි මිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට 56ක් අල්ලයි

නියමිත වට ප්‍රමාණයට අදාල මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව ඊයේ (28) දිනයේ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි. එම අධිකාරියේ නිලධාරීන් දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අදාළ වෙළඳුන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. කොළඹ, ගම්පහ ,පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ Read More

කොරෝනා රෝගීන් ගණන 3362ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 3362 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (28) දිනයේ දී වාර්තා වූ රෝගීන් දෙදෙනා ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බවයි. මේ වන විට කොරෝනා රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් 3210 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් වෙයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා. කපිතාන්වරයාට එරෙහිව පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. කපිතාන්වරයා රිමාන්ඩ් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුන ද ඒ සඳහා අවසර හිමි වුණේ නැහැ. මේ අතර නෞකාව අයත් සමාගමෙන් වන්දි ලෙස Read More

t

o

p