Local News

බස් සහ දුම්රිය ධාවනය ඇරඹෙයි

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද සිට කාර්යාල දුම්රිය 136 ක් ධාවනයට එක් කර තිබෙනවා. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් නොකරන ප්‍රදේශවල නතර කිරීමකින් තොරව ලංගම සහ පෞද්ගලික සියලු‍ බස් රථ අද සිට ධාවනයට කෙරෙනු ඇති.

මැනිං වෙළෙඳපොළට පැමිණි වෙළෙඳුන් අමාරුවේ

පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළට අද අලුයම විවිධ ප්‍රදේශවලින් පැමිණි වෙළෙඳුන් අපහසුතාවයට පත්ව තිබේ. මැනිං වෙළෙඳපොළ අද විවෘත නොකිරීම නිසා ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙනි. වැල්ලවාය, නුවරඑළිය,අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්හි ගොවින් සිය අස්වනු ලොරි රථවල පටවා මැනින් වෙළෙඳපොළ වෙත රැගෙන විත් තිබේ.

මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පුද්ගලයා 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

නිරෝධායන ඇඳිරිනීතිය එළැඹෙන 09වැනි සඳුදා ඉවත් කෙරුණත් බස්නාහිර පළාතේ තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලාකර තැබීමට ඉඩ ඇතැයි වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ, “අපි රජයක් හැටියට තෝරාගත්ත ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කරලා ඉතිරි ප්‍රදේශ ජනතාවගේ දෛනික කටයුතුවලට විවෘතකරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ,” යනුවෙනි.  ප්‍රදේශ Read More

කොළඹ නගර සභාවේ 85කට කොරෝනා

කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවන් 85 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. එම පිරිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන අංශ සහ තවත් අංශ කිහිපයක සේවය කරන අය බවද ඇය පැවසුවාය. එසේ වුවද කොළඹ නගරයේ ජනතාවට හැකි උපරිම සේවාවක් ඉටුකරන බවද ඇය සඳහන් කළාය.

බස් ගාස්තුව 50%කින් වැඩි කරන්න යෝජනා

දැනට බලපා ඇති කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයකින් බස් ගාස්තුව වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඒ සමගම අවම බස් ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහල දැමිය යුතු බවයි.

සදුදා ඇදිරි නීතිය ඉවත් කරන්න යන්නේ කොරෝනා පාලනය වී නොවේ

බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය. ඇඳිරි නීතිය ඉවත් Read More

කඨින චීවර රාජ්‍ය මහෝත්සවය සෝමාවතීයේදී

පෞරාණික චාරිත්‍රානුකූලව කඨින චීවර රාජ්‍ය මහා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් සෝමාවති රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් අද (7) සහ හෙට (8) ඓතිහාසික සෝමවති චෛත්‍ය රාජයාණන් වහන්සේ සමීපයෙහි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. වියා නිමකරන ලද චීවර වස්ත්‍රය සැදැහැවතුන්ගේ පුජෝපහාර සහිත මහ සඟරුවන දේශනා කරනු ලබන Read More

ඇඳිරි නීතිය කඩ කල 200 දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 18ක්. මුඛ ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 78දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්.

බණ්ඩාරවෙල නිරෝධායනය කළ ටෙලි නාට්‍ය කණ්ඩායම ගෙවල් වලට

බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී කියයි. පසුගිය 4 වැනිදා පැවැති කොවිඩ් 19 නිවාරණය පිළිබද පළාත් කමිටු රැස්වීමේදී මෙම කණ්ඩායමේ ගැටලුව සාකච්ඡාවට ගෙන ඇති අතර මෙහිදී එම කණ්ඩායමට ‘‘තෝරාගැනීම්‘‘(option) 3ක් ලබා දීමට තීරණයකට එළබ ඇත. 1. ඔවුනට බණ්ඩරවෙලට පැමිණි Read More

t

o

p