Local News

අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති.

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.   කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛණයේ අත්සන් තැබූහ. පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයට මුල්ගල තබයි

කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය ගෝලීය සැපයුම් දාමය සහ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැපයුම් දාමය සංවර්ධනය කරමින්, වරාය තර්ගකාරීත්වය පවත්වා ගනිමින්, ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනයට පියවර ගෙන තිබේ. ඒ යටතේ කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය ට මුල්ගල තැබීම අද දින (2021.01.04) සමගි Read More

ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05 ක් කැඳවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත Read More

කෝටි එකහමාරකට ගජමුතු විකුණන්න ගිය අයෙක් දැලේ

ඇතෙකුගෙන් ලබාගත් පෞරාණික ගජමුතු බව කියමින් ගජ මුතු 6 ක් විකිණිමට පැමිණි අයෙකු මාතරදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (04) සමත්ව ඇත. තංගල්ල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා ව්‍යාපාරිකයෙකු කියන පුද්ගලයෙකු ගජමුතු සමග මාතරට ගෙන්වා ගෙන තිබේ. රුපියල් කෝටි එකහමාරක් හෙවත් මිලියන 15 කට මෙම ගජමුතු 06 Read More

බස්නාහිරත් හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්හි 11 වන ශ්‍රේණි විවෘතවේ.

බස්නාහිර පළාතේ හුදකලා කරනු ලැබූ ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශයන් හි පාසල්වල 11 වන ශ්‍රේණි ලබන 25 දා සිට විවෘත කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශයන්හී පාසල්වල 6 වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි ලබන 11 දා සිට ආරම්භ කරන බව මීට පෙර අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කරන ලදි. අධ්‍යාපන Read More

රතන හිමි මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ හෙට දිව්රා ආණ්ඩු පස අසුන්ගනී

අපේ ජන බල පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ‍හෙට (05) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණයේදි අපේ ජන බල පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් හා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර තරගයක් පැවැති අතර අවසානයේ පක්ෂයේ මහලේකම්ට සැගවීමට පවා සිදුව තිබුනි. මහලේකම් Read More

නව වසරේ පළමු විවාදය සාප්පු හා කාර්යාල සේවක සංශෝධන පනත

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා Read More

ගෙවි ගිය වසර තුළ සෑම දිනකම වනාන්තර අක්කර 10 ට වඩා විනාශයි

පසුගිය වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ බව පරිසර හා ස්වභාදහම් මධ්‍යස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මෙසේද කියයි.  එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශයන් වලින් සමන්විත විය . පරිසර ප්‍රශ්නය පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව එය මෙම  ආර්ථික සමාජ රටාව විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම කියවීම තුළ රට තුළ සිදු වූ පරිසර විනාශය මනාව කියවා ගැනීමට අපට හැකි වේ . corona උවදුර විසින්  සොබාදහම සමග ඇති ගනුදෙනුවේ ස්වභාවය අපට නැවතත් මතක් කර දුන්නද රට තුළ එය පහවයත්ම ඇතිවන්නට පටන් ගත්තෙ දැවැන්ත වන විනාශයක් ය . පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් දැනට ගණන් බලා ඇති පරිදි පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා නිමා වන වසර තුළ සෑම දිනකටම ලංකාවේ පොදු වනාන්තරවලින් දිනකට අක්කර දහයකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි වී ඇත . ඒ කැලෑ ගිනි තැබීම් , පෞද්ගලික අයිතියට කැලෑ ලබාදීම් , වනාන්තර එලි කිරීම් යන සමස්ත ක්‍රියාවලිය තුළම රටට සෑම දිනකම අක්කර 10 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇත . 5/2001,5/1998 2/2006 වැනි අවශේෂ වනාතර ආරක්ෂාවට තිබු චක්‍රලේඛ ඉවත් කරමින් 01/2020 චක්‍රලේඛය නිකුත් කරන ලදි. චක්‍රලේඛ අහෝසි කිරීම , පරිසර තක්සේරු වාර්තා නොමැතිව සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම ,දේශපාලන වුවමනාවන් මත වනාන්තර පෞද්ගලික අයිතියට පැවරීම වැනි ක්‍රියා ප්‍රබලව දැකීමට හැකිවිය . සංවර්ධනය මූලික කරගත් සෞභාග්‍යයේ දැක්ම නැමැති පාටය හුවා දක්වමි ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ කිරීම හා පරිසර නීතිය උල්ලංඝනය කිරීම් පසුගිය වසර පුරාවට අපට දැක ගැනීමට හැකි විය .

උපකාරක පන්ති ආරම්භ කිරීමට මාර්ගෝපදේශ සකස් කරයි

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා සඳහන් කරන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව Read More

අත් පිරිසිදුකාරක දියර ලියාපදිංචි කිරීම අනිවාර්යයි

අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙඳුන් අදාල අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබේ. මෙලෙස ලියාපදිංචි කරනු ලබන සනීපාරක්ෂක ද්‍රව්‍යන් වල අදාළ අංකය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරිම ලබන පෙබරවාරි මස 01 වෙනිදා සිට අනිවාර්ය කොට ඇත.

t

o

p