Local News

නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

වර්තමාන රජය  විසින් කොළඹ වරායේ, නැගෙනහිර  ජැටියේ  කළමනාකරණය හෝ  මුළු අයිතිය හෝ  අයිතියෙන්  කොටසක් හෝ  විදේශ  සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම පර්යන්තය දිගින් දිගටම  ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරාය Read More

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනයි – අධිකරණ අමාත්‍ය අලි සබ්රි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  පත් කරන ලද ජනාධිපති කොමිසමේ කටයුතු ස්වාධීනව සහ අපක්ෂපාතිව සිදුවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවල වරදකරුවන්ට දැඩි දඩුවම් ලැබිය යුතු බවත්, විමර්ශන සඳහා කිසිවෙකුගේ බලපෑමක් සිදු නොවන බවත්, නිවැරදි කරුවන් Read More

දේශපාලන හිතවත්කම් මත ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත් කරන්නේ නෑ – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

දේශපාලන හිතවත්කම් මත ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත් නොකරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තූවේදී අද(07) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා විදේශ සේවයට නිලධාරින් පත්වූයේ විභාග ක්‍රමයකින් බවත්, එම තත්ත්වය වර්තමානයේදී වෙනස් වී ඇති බවටත් පාර්ලිමේන්තු Read More

කාන්තාවකට ලිංගික අතවර කළැයි යක්කලමුල්ල ප්‍රදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

යක්කලමුල්ල, නාකියාදෙණිය බටකැතිය ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කලැයි යක්කලමුල්ල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අදාළ කාන්තාවගේ ඥාතියෙකු ද වන අතර 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අදාළ මන්ත්‍රීවරයා ඊයේ (05) සවස පැමිණිලිකාර 27 හැවිරිදි තිදරු මවට ලිංගික අතවර කිරිමට උත්සාහ කර ඇති අතර Read More

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. වයඹ නාවික විධානය මගින් පුත්තලම කුදිරමලේ තුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ Read More

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් – 19 එන්නත ඉදිරියේදී ලබාදීමට රජය සූදානම් – සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

‍ඉදිරියේදී මෙරට ජනගහනයෙන් 20%ක් කට සාර්ථක කොවිඩ් 19  එන්නත  ලබාදීමට  රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) අනාවරණය කළාය. රජය මේ සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම හෙවත් (GAVI) වෙතින්  පසුගිය වසරේ ජූලි 20 වන  දින ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව කොවැක්ස් (COVAX) පහසුකම ලබා Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් 32 කට විරුද්ධව නඩු පැවරීමේ කටයුතු නීතිපතිට දෙයි

පාස්කු දින එනම් 2019 අප්‍රියෙල් 21 දින එල්ලවූ ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ සැකකරුවන් 32 දෙදෙනකුට විරුද්ධව නඩු පැවරීමේ කටයුතු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බව  මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය . මහජන ආරක්ෂාව පිළිබඳ  රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (6) දින පාර්ලිමේන්තුවේ දී Read More

පැහැරගත් හිමියන් ඝාතනය කර ඇත්තේ හුස්ම සිර කරලා මරණ පරික්ෂණයෙන් හෙළිවේ

හංවැල්ල තුංමෝදර කොඩිකන්ද ආරණ්‍යයේ සිටිය දි පැහැරගත්  උඩුවිල ධම්මසිරි (65) හිමියන් හුස්ම හිරකොට ඝාතනය කොට පසුව පුළුස්සා ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිව තිබේ. මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඊ.කේ විජේරත්න මහතා විසින් කළ පශ්චාත් මරණ පරික්ෂණයේදි මේ බව හෙළි දරව් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පසුගිය 02 Read More

අත්අඩංගුවට පත් මුහුණු ආවරණ නොපැළදි අයගෙන් 14 ට කොරෝනා

මුහුණු ආවරණ නොපැළදින පුද්ගලයන් සොයා බස්නාහිර පළාත තුළ කළ මෙහෙයුමේදි අත්අඩංගුවට ගත් 1060 දෙනාට කළ පි.සි.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් පුද්ගලයන් 14 ක් කොරෝනා අසාදිතයන් බවට සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය. බස්නාහිර පළාතේ තෝරාගත් පොලිස් බල ප්‍රදේශයන්හි මුහුණු ආවරණ නොපළදින අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුනට රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණ කිරිමටත් Read More

කහ කිලෝ 1128 ක් සමග පුද්ගලයන් දෙදෙනෙක් මෝදරින් අල්ලයි

කහ කිලෝග්‍රෑම් 1128 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ කහ තොගය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. කහ තොගය මෙරටට පැමිණි ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ Read More

t

o

p