Local News

මිලිටරිකරණයෙන් වසංගතය පාලනය කරන්න රජය හදනවා – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම් Read More

ස්වාධීන කොමිෂන් සභා වලට පත් කර ඇති සමහර නම් වලට බලවත් විරෝධය – කරු ජයසූරිය

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අනුව බැවින් එවැනි පනතක් අහෝසි කිරීමට නම් පළමුව කැබිනට් අනුමැතිය ලබා ගත යුතු අතර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනිම අවශ්‍ය වුවත් එසේ නොකර ජනාධිපති ලේකම්ට හෝ භාණ්ඩාගාරික ලේකම්ට මෙවැනි පනතක් අහෝසි කිරීමට හැකි නම් පාර්ලිමේන්තුවක්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත්  අවශ්‍ය නොවන බව සාධාරණ සාමාජයක් සඳහා Read More

කොළඹ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 397 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. අද උදෑසන වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,107ක් දක්වා ඉහළ ගොස් ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී 136ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 50ක් සහ යාපනය දිස්ත්‍රික්කයන් 36ක් ලෙස Read More

උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ Read More

වාස් ගුණවර්ධනටත් කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

PCR කළ ඇතැම් රෝගීන් ගැන නිවැරදි තොරතුරු නෑ

PCR පරීක්ෂණ සඳහා පෙනී සිටි ඇතැමුන් ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇති බව එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසනවා. කෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු පණත යටතේ තමන් තොරතුරු ඉල්ලා ඇති බවයි. නිසි තොරතුරු නොමැති රෝගීන් නිසා සමාජය දැඩි අර්බුධයකට මුහුණ දෙන Read More

මහල් නිවාස සංකීර්ණ 6ක් හුදෙකලාවෙන් නිදහස්

මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදෙකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති. ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිදුසෙත්පුර නිවාස Read More

අලි මිනිස් ගැටුමෙන් ලෝකයේ වැඩිම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පසුගිය 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය. එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී එම ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් සොයාබැලීමෙන් අනතුරුව මෙලෙස අනුමැතිය ලබාදුන් බව මහ ලේකම්වරයා පැවසීය. විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය අද්මිරාල් ජයනාත් Read More

මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක Read More

t

o

p