Foreign News

ප්‍රංශයේ හමුදා නිලධාරියාට පහර දුන් තරුණයාට වෙඩි

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් (Louvre) කෞතුකාගාරය අසලට ‘අල්ලාහු අක්බර්’ කියා කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට එහි ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදුවකු වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි. ලූවර්, ලොව විශාලතම කෞතුකාගාරයවන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික මධ්‍යස්ථානවලින් එකකි. කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට ප්‍රහාරකයා උත්සාහ කළ බව විශ්වාස කෙරේ. වෙඩිවැදීමෙන් ඔහුට Read More

සිරුරේ ගස් වැවෙන දැරියක් බංගලාදේශයෙන් හමුවෙයි

තුරු මිනිස් රෝගය හෙවත් ට්‍රී මෑන් සින්ඩ්‍රම් රෝගයෙන් පෙළෙන දැරියක් බංග්ලාදේශයෙන් හමුවී ඇති අතර ස්ත්‍රී පාර්ශ්වයේ අයෙකුට මෙම රෝගය වැළඳුන පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. දස හැවිරිදි සහානා කාටුන්ගේ මුහුණෙහි ගසක කඳට සමාන කොටසක් වැවෙන්නට පටන්ගෙන මේ වනවිට මාස හතරක් ගතවී ඇති අතර මුලදී මෙය පවු‍ලේ අයගේ සැලකිල්ලට ලක්වී නැත. නමුත් ක්‍රමයෙන් මෙය වැඩෙන්නට වීමත් Read More

ඇමරිකානු වැඩබලන නීතිපති ධූරයෙන් ඉවතට

සංක්‍රමණිකයින්ගේ පැමිණීම තහනම් කරමින් තමා පැනවූ නියෝගයේ නීත්‍යනුකූල බව ගැන ප්‍රශ්න කළ වැඩබලන නීතිපතිවරියව ඇමෙරිකානු ජනපතිවරයා විසින් ඉවත්කර තිබේ. බරක් ඔබාමා විසින් පත්කරනු ලැබූ සැලී යේට්ස් නම් මැය අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවකයින්ටද ජනපතිගේ අණ පිළිනොපදින ලෙස දන්වා තිබිණි. වර්ජිනියා ප්‍රාන්තයේ නීතිවේදියෙකු ලෙස කටයුතු කළ ඩනා බොයෙන්ටි ඒ වෙනුවට පත්කර ඇති අතර ජනපතිවරයාගේ නියෝගය පිළිගන්නා ලෙස ඔහු Read More

තුර්කියේ බෝම්බ පිපිරීම් දෙකක්

තුර්කියේ, ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් අසල සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත 166 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මෙම පිපිරීම් දෙක කාර් බෝම්බයක් හා පොලීසිය ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි. ප්‍රහාරයෙන් පසුව වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. බේසික්ටාස් ක්‍රීඩාගංණයෙන් Read More

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ( Afghanistan ) කාබුල් නුවර ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බකීර් උල් ඔලූම් නමැති මෙම දේවස්ථානයට පා ගමනින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු සිදුකළ පිපිරීමෙන් තවත් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අමෙරිකානු ජනපති සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න් බහුතරය වන ඡන්ද 290ක් ලබා ජයග්‍රහණය කර තිබේ. මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ට්‍රම්ප්ට අවස්ථාව ලැබී ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනපතිනිය වූ පළමු කාන්තාව බවට පත්වීමට තිබූ අවස්ථාවද හිලරිට අහිමිවිණ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ හිලරි අභිභවා ට්‍රම්ප් ඉදිරියෙන්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 167ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි. මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 28ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදි එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ඝාතනයයට ලක්වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදිය. ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව පසුගිය 08 වනදා මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පක්ටිකා ප‍්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමිනි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු Read More

සාක් සමුළුව කල් යයි

19 වන සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දැමීමට මෙවර එහි සත්කාරක රට වන පාකිස්තානය තීරණය කර තිබේ. සමුළුව පැවැත්වෙන නව දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ලබන නොවැම්බර් මස 9 වන දා 19 වන සාක් සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණි. ඊට සහභාගි නොවන Read More

කොලොම්බියාවට සාමයේ අරුණලු

වසර 52ක සිවිල් යුද්ධය නිමාවට පත් කරමින්, කොලොම්බියානු රජය සහ ෆාර්ක් කැරැලි කරුවන් අතර ඓතිහාසික සාම ගිවිසුම විවිධ රටවලින් පැමිණි රාජ්‍යතානත්‍රිකයන් හා අතිවිශාල ජන සහභාගීත්වයකින් යුතුව කොලොම්බියාවේ කැටලිනා හි සම්මන්ත්‍රණ ශාලවේදි දෙපාර්ශ්වයේ නායකයන් විසින් අත්සන් තැබිණ. මෙහිදී ෆාර්ක් නායක ටිමොචෙන්කො ලෙසින් හඳුනන ටිමොලියන් ජිමෙනෙස් යුද්ධය නිසා පීඩාවට පත් සියලු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. යුද සමය Read More

t

o

p