Foreign News

රජිනි කාන්ත් ලංකාවට එන්නේ නෑ

ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පෙරේදා (25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයකට සහභාගි වීම සඳහා ලබන අප්‍රේල් මස 09 සහ Read More

ලන්ඩන් ප්‍රහාරය අයි.එස් සංවිධානය වැඩක්

ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය “ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු” විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ. මේ අතර ලන්ඩන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයෙකුවන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයෙකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය. වසර කිහිපයකට පෙර ප්‍රචණ්ඩ අන්තගාමීබව සම්බන්ධයෙන් Read More

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක්

ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අසල දී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයත් සමඟ ලන්ඩන් පාර්ලිමේන්තු සැසිවාරය නවතා දැමු අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසා දැමීමට පෙලීසිය කටයුත කර තිබේ.

වයිකෝ අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහ‍ලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට ‍පොලීසිය විසින් 19 දා අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළකරමින් මොවුන් උද්ඝෝෂණයේ Read More

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා දිවියෙන් සමුගනී

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමු ගෙන තිබේ. ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි. මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය. දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද ‘Roll Over Beethoven’ සහ ‘Johnny B. Goode’ Read More

කිම් ජොන් නාම් මරන්න ‘ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කරලා’

ක්වාලාම්පූර් අගනුවර ගුවන් තොටුපොළේදී උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ගේ සහෝදර කිම් ජොන් නාම් ඝාතනය කිරීම සඳහා ලෝකයේ දරුණුම විෂ රසායනයක් භාවිත කර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි මැලේසියාවේ පොලිසිය පවසයි. ජනසංහාරක අවියක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබ තිබෙන “වී එක්ස්” (VX) නම් එම විෂ රසායනයේ ග්‍රෑමයකින් සියයෙන් එකකින් පුද්ගලයකු Read More

පකිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 72ක් මරුට

දකුණු දිග පාකිස්තානයේ මහත් ප්‍රසිධියක් දරණ සුෆි දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ Read More

මැලේසියාවේ දී කිම් ජොන් අන්ගේ සහෝදරයා මිය යයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරයා මැලේසියවේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂක් ශරීර ගත කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි. ඔහු මිය යන විට 47 වියේ පසු වන අතර ඔහු 1970 දී උපත ලබා ඇත.

ශශිකලා සිව් වසරක් සිරගෙට

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් Read More

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

ඇමෙරිකාවේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු කළ පළමු මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදුකොට තිබේ. ජපාන දේශ සීමාව ආසන්නයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට තිබේ. මේ සම්බන්ධයෙන් කතා කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවල සියයට සියයක්ම තම මිතුරු රට වන ජපානය සමග ඇමෙරිකාව සිටින බවය. කිලෝ මීටර පන්සියයක් පමණ දුර ඇදීගිය Read More

t

o

p