Foreign News

බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් වර්ජනයක

පසුගිය මාසයේදී බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියමුවන් විසින් දැනුම් දී තිබුණද පාලානාධිකාරිය ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නොමැති නිසා  ඔවුන් පැය 48ක වර්ජනයක් ආරම්භ කර තිබේ.  බ්‍රිතාන්‍ය ගුවන් පාලානාධිකාරිය සදහන් කරන්නේ ගුවන් නියමුවන්ගේ වර්ජනය අසාධාරණ බවයි.

ෆැක්සායි සුළි කුණාටුව ජපානයට අතුළු වෙයි

ෆැක්සායි සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ අගනුවරට ඇතුල්වී ඇත.එරට කාලගුණ බලධාරීන් පවසන අන්දමට ඉදිරි පැය කිහිපය තුළදී මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලිමට නියමිතයි. මේ වන විටත් කුණාටුව නිසා ජපානයේ ටෝකියෝ අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට තද වැසි ඇඳහැලෙමින් තිබේ. ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවනු ඇති බවට සැක පල කෙරෙන ඉහළ ටෝකියෝ ප්‍රදේශයේ වෙසෙන  ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසත් Read More

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි

බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය මෙන් හත් ගුණයකින් විශාල වන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ පවසයි. සම්පූර්ණ අයිස් තට්ටුවම දියවී ගියහොත් මුහුදු මට්ටම මීටර් 7කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ. ලොව වටා බොහෝ පහත් භූමි වලට  මුහුදු මට්ටම ඉහළ යෑමෙන් දැඩි බලපෑම් ඇතිවන බව වි‍දයාඥයෝ අනතුරු අගවයි.

රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වේ

1924 වසරේ පෙබරවාරි මස 21 වන දා උපත ලද රොබට් මුගාබේ  දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ ඔහු මිය යන විට 95 වන වියෙහි පසුවිය. කලක් රෝගාතූරව සිටි රොබට් මුගාබේ, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබී ය. 1987 වසරේදී ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය.රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ විමුක්තියේ සංකේතයකි.

ඇමසන් වනාන්තරය පුරා නව ලැව්ගිනි දහස් සංඛ්‍යාවක් හටගනී

පසුගිය දින දෙකෙදී පමණක් ඇමසන් වනාන්තරය පුරා නව ලැව්ගිනි 2 000කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කරයි . ලැව්ගිනි පාලනය සදහා විසදුමක් ලෙසින් ගිනි තැබීම් තහනම් කිරීමට බ්‍රසීල රජය කටයුතු කළත්  ඇමසන් වනාන්තරය පුරා දහස් සංඛ්‍යාත ලැව්ගිනි හටගෙන ඇත. මීට අමතරව කොලොම්බියාව හා පේරු රාජ්‍ය්‍යට අයත් ඇමසන් වනාන්තරයේත් Read More

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායකගේ ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙක් ඇතුළු වෙයි

මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සතු ජැක් ඩෝර්සිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ. ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත. මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇත.

ඔලෙක්සි හන්කරූක් යුක්‍රේනයේ අගමැති ධූරයට

යුක්‍රේනයේ නව අගමැතිවරයා ලෙස 35 හැවිරිදි ඔලෙක්සි හන්කරූක් තේරී පත්වී තිබේ. යුක්‍රේන ඉතිහාසයේ ලාබාලම අගමැතිවරයා ද ඔහුයි. යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙන්ම හන්කරූක් ද දේශපාලනයට නවකයින් වීම විශේෂත්වයක්.

ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවයි

ඔක්තෝබර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කළේය.  එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සති කිහිපයක් තිබියදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය මෙම පියවර ගෙන තිබෙන අතර පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් ඉල්ලීමක් කරන්නට යන බව ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි.  මෙම පුවතත් සමඟ බ්‍රිතාන්‍ය පවුම පහත වැටී Read More

ප්‍රංශය – ඇමෙරිකාව ඩිජිටල් බදු ගිවිසුමකට

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය ඩිජිටල් බදු ගිවිසුමකට එළැඹුණේ යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පවසයි. ප්‍රංශය තුළ කරන ඩිජිටල් සේවාවලින් ලබන ආදායම මත 3%ක බද්දක් පැනවීමට ප්‍රංශය නීතියක් සම්මත කරගත්තේය. මේ නිසා අන්තර්ජාල සේවා සපයන මහ පරිමාණ සමාගම්වලට ප්‍රංශ රජයට බද්දක් ගෙවීමට සිදු වූ අතර එම නිසා ඇමෙරිකාව සහ ප්‍රංශය අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය Read More

අමෙරිකාවේ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මරුට

අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. අමෙරිකාවේ පදිංචිව සිටින  මෙම පුද්ගලයා තම රථය නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි. සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ. වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති Read More

t

o

p