Foreign News

අමෙරිකා – ඉරාන හමුවට සියල්ල සූදානම්

අමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සදහන් කරයි. ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් හමුවේදී අවධානය යොමුවනු ඇත.

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඉන්දුනීසියාවේ මලුකු දූපතේ අද(26) රික්ටර් පරිමාන 6.5ක භූකම්පනයක් සිදුව ඇත. භූකම්පනයෙන් මලුකු දූපතේ නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති නමුත් භූමිකම්පාවෙන් සුනාමියක් ඇතිවීමේ තර්ජනයක් නොමැති බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කරයි. 

පාකිස්තානයේ භූකම්පනයෙන් 24 ක් මරුට

පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ කාශ්මීරයේ මිර්පුර් නගරය ආසන්නයේ හටගත් රික්ටර් පරිමාණය ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයෙන් මරණ 24ක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකටත් භූ කම්පනයෙන් බලපෑම් එල්ලවී ඇති බව සඳහන් වෙයි.

උත්තර ධ්‍රැවයේ දේශගුණය ගැන සොයන්න නෞකාවක්

උත්තර ධ්‍රැවයේ සියලුම දේශගුණික තත්ත්වයන් සම්බන්දව සිදුකිරීමට නියමිත දැවැන්ත විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පර්යේෂණ නෞකාවක් වන පෝලාස්ටර්න් නම් ජර්මානු නෞකාව නෝර්වේ රාජ්‍යයෙන් පිටත්වූ බව මාධ්‍ය වාර්තා කරයි. නෞකාව වසරක පමණ කාලයක් උත්තර ධ්‍රැවයේ නවත්වා තැබෙනු ඇති අතර එම කාලය තුළ සිය ගණනක් විද්‍යාඥයින් පර්යේෂණ සඳහා නෞකාව වෙත පැමිණෙනු ඇති බව සඳහන් වේ.

ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි.

ඉරාන මහ බැංකුවට සහ සංවර්ධන අරමුදලට එලෙස සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සෞදියේ බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් එම තීරණය ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.

අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැනකින් බේරුණ සෙබළෙක්

අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැනක් මත ගුවන් නියමුවෙකු ඇඳ වැටුණු පුවතක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වෙයි. ගුවනේදී අනතුරට පත් වූ ගුවන් යානයකින් පිටතට පැමිණි නියමුවකු අධිබල විදුලි රැහැණක පැටලි දිවි බේරාගෙන ඇත්තේය. නියමුවා රැඳී ඇත්තේ වෝල්ට් 250000ක අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැණක් මත බවත් ඔහු බේරා ගැනීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ප්‍රංශ හදිසි මෙහෙයුම් ඒකකය සදහන් Read More

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා දුපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත. රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම එකක් ලෙස එහි ප්‍රබලත්වයසටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බව එරට කාලගුණ බලධාරීන් ප්‍රකාශ කරයි.

කාම්බෝජියාවට ගංවතුරින් බලපෑම්

අයහපත් කාලගුණය හේතුවෙන් කාම්බෝජියාවේ පළාත් රැසකට ගංවතුරින් බලපෑම් එල්ල වී පවුල් දහස් ගණනක් අවතැන් වී සිටියි. මේ වන විට එරටින් වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 11ක්.ඉකුත් දිනවල පැවති තද වැසි සමග කාම්බෝජියාවේ පළාත් 14ක් ගංවතුර ආපදාවට ලක්ව ඇත.

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට ගංවතුර

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක ගංවතුර ආපදාව හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන්වී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි. දැඩි වර්ෂාවත් සමඟ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හා රාජස්ථාන් යන ප්‍රාන්තවල ස්ථාන රැසකම ජල ගැලීම් හටගෙන තිබේ. ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාව මුදාගැනීමේ මෙහෙයුමක් එරට බලධාරීන් විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන් කරයි.

සෞදියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝනා ප්‍රහාරයක්

සෞදි අරාබියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇත.මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉන්දන බහාලුම් 2ක් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  යේමනයේ හවුති සටන්කරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි සැකකරන නමුත් මේ සම්බන්ධව සෞදි මාධ්‍ය කිසිවක් පවසා නැතැයි සඳහන් වේ.

t

o

p