Foreign News

සුදු අසු පිට නැගුණු කිම්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අශ්වයෙකු පිට නැගී මීටර 2750ක් උසැති පෙක්ටූන් කන්ද තරණය කර ඇත. කිම් ජොන්ග් උන්ගේ පියාගේ උපන් ස්ථානය ලෙස ද සැලකෙන මෙම කඳු ප්‍රදේශය එරට සුවිශේෂී ස්ථානයක් ලෙස හැඳින්වෙයි. “ඔහු අශ්වයෙකු පිට නැගී  පෙක්ටූන් කන්ද නැගීමේ ක්‍රියාව කොරියානු විප්ලවයේ ඉතිහාසයට දැඩි වැදගත්කමක් ලබා දෙනවා” යැයි එරට පුවත් සේවා වාර්තා කර Read More

කොකේන් ගෙන ආ බ්‍රසීල් ජාතිකයාට සිරදඬුවම්

කොකේන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බ්‍රසීල් ජාතිකයෙකුට දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මීගමුව මහාධිකරණය විසින් සැකකරු වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත. සැකකරු කාටුනායක ගුවන්තොටුපල පරිශ්‍රෙය් දී රේගු නිලධාරින් විසින් කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුනි. පරික්ෂණ කටයුතු සදහා සැකකරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත Read More

මහ රැජිනගේ රාජාසන කතාව

මහ රැජින විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්ෂිකව ඉදිරිපත් කරන කතාව හෙවත් රාජාසන කතාව ඊයේ (14) සිදු කරනු ලැබීය. ඉදිරි වර්ෂය සඳහා වන බ්‍රිතාන්‍ය රජයේ ව්‍යවස්ථාදායකය ඇතුළත් මහරැජිනගේ කතාවට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබාගැනීමට නොහැකි වනු ඇතැයිද සැක පලවී තිබේ. රැජිනගේ කතාව පාර්ලිමේන්තුව හමුවේ පරාජය වුවහොත් හදිසි මහමැතිවරණයක් සඳහා වන ඉල්ලීම් තවත් වැඩිවනු ඇති බව විශේලේෂකයන් පෙන්වා දෙයි.

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම්

සත්ත්ව හමෙන් නිපදවන සියලු නිෂ්පාදන කැලිෆෝනියා ප්‍රාන්තය තහනම් කර බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ අනුව 2023 වසරේ සිට කැලිෆෝනියාවේ කිසිවෙකුටත් සත්ත්ව හමෙන් කිසිදු නිෂ්පාදන සිදුකල නොහැකි ලෙස නිති සම්පාදනය කර ඇත.

ඩෙන්මාර්ක අගමැතිනියගේ නොනැවතුන සිනහව

මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ ඩෙන්මාර්ක අගමැතිනී මේටි ෆයෙක්සන් මෑතකදී රජය වෙත පවරාගත් සර්කස් අලි පැටවුන් සිව්දෙනෙක් සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් සිටි අතුරතුරදීයි. එම සත්ත්වයන් වෙත සුවදායී විශ්‍රාම දිවියක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. ඇඟේ මුහුණට මේ අපූරු සිනහව එක්වුණේ ඒ අතරතුරයි. සභාවක් ඉදිරිපිට හටගත් සිනහව නවත්වාගැනීමට ඇයට පහසුවූයේ නැහැ.

ගුවන් පාලමක් බිමට

නැගෙනහිර චීනයේ ජියැන්සූ පළාතේදී ගුවන් පාලමක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.ජියැන්සු පළාතේ වූෂි නගරයේ මහා මාර්ගයකට ඉහළින් ඉදිකර තිබූ ගුවන් පාලමක් කඩා වැටී ඇත. එහිදී පාලමට පහළින් පිහිටි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන තුනක් සුන්බුන් වලට යටවී තිබුණි. සිදුවීමෙන් පුද්ගයන් තිදෙනෙක් මිය ගියේය.

තහනම් සංවිධානයකට අයත් ලාංකිකයෝ 4ක් ලන්ඩනයේ දී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට 1984 පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේයි. 2000 වර්ෂයේ ත්‍රස්තවාදී පනත යටතේ පිරිමි පුද්ගලයින් තිදෙනා බන්ධනාගාර ගතකර ඇති අතර කාන්තාව ඇප පිට මුදාහැර ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.බ්‍රිතාන්‍ය නාගරික පොලිසිය Read More

රටවල් 4ක Facebook ගිණුම් අවලංගු කෙරේ

අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම පවසයි. ඒ අතරට ෆේස්බුක් පිටු 149ක් සහ ගිණුම් 280ක් අයත් ය.

මෝසම් වැස්සෙන් ඉන්දියාවේ 244ක් මරුට

පූජනීය නගරයක් වන වරනාසි ප්‍රදේශයට පසුගිය දිනවලදී මිලි මීටර 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හින්දු බැතිමතුන් දහස් ගණනක් භාවිතා කරන ගංඟා ගඟේ නාන ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයන් 244 දෙනකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ හා සහන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එමිරේට්ස් වෙතින් ඔක්තෝම්බර් 01 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන්

කොළඹ සිට ඩුබායි හරහා යුරෝපය, ඇමරිකාව හෝ අප‍්‍රිකාවට එමිරේට්ස් ගුවන් සේවය තුළින් පියාසර කරන මගීන්ට ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මුල කාලයේදී ඩුබායි හෝටල්වල නොමිලේ නවාතැන් ගැනීමේ අවස්ථාව එමිරේට්ස් විසින් ලබාදීමට තීරණය කර තිබේ. සැප්තැම්බර් 24 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා මිලදීගන්නා ගුවන් ප‍්‍රවේශපත් මගින් දෙසැම්බර් 10 වනදාට පෙර මෙම මහද්වීප තුනේ ගමනාන්ත වලට සංචාරය Read More

t

o

p