Foreign News

නවසීලන්තයේ භූකම්පනයක්

නවසීලන්තයේ ටේකහා ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක පහයි දශම නවයක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ.  මේ හේතුවෙන් සිදුවු පුද්ගල හෝ දේපල හානී පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත. 

රුසියානු මිසයිල පද්ධතියක් ඉන්දියාවට

රුසියාවේ එස් – 400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇත. රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබේ.  

හොංකොංවල විරෝධතා අතරතුර 100කට තුවාල

හොංකොංහි උද්ගතව ඇති විරෝධතා අතරතුර පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට වාර්තාවල සඳහන් වේ. පලායෑමට උත්සහ කරන විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතා අතරතුර හටගත් ගැටුම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් ගණන සියයකට අධිකයි.

ජපානයේ ව්‍යාජ පුවත් මවන්නන්ට වැට

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් සමග එක්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජපාන රජය පවසයි. ෆේස්බුක්, යාහු, ගූගල් හා ලයින් වැනි සමාගම්වලට අමතරව තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන පෞද්ගලික අංශයේ ආයතන ද මේ සඳහා  යොදාගන්නා බව ජපාන සන්නිවේදන අමාත්‍යංශය පැවසීය.

ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය

2015 වර්ෂයේ සිට ස්පාඤ්ඤයට ස්ථාවර රජයක් නොමැති වීම නිසා ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය සඳහා එරට ජනතාව ඡන්දය භාවිතා කළ බව වාර්තා වේ. කිසිඳු පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි විය. කැටලෝනියාවේ බෙදුම්වාදී අර්බුදය මැතිවරණ ව්‍යාපාරය පුරා ආධිපත්‍ය පතුරුවා ඇති බව විදේස් මාධ්‍ය සඳහන් කරයි.

ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවා වලට පනවා තිබූ බදු ඉවත් කරයි

කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක අයිතම මත පනවා තිබූ බදු ඉවත් කිරීමට ජර්මනිය පියවර ගෙන තිබේ. ජර්මනිය වයින්, සිගරට් සහ සනීපාරක්ෂක තුවා “සුඛෝපභෝගී භාණ්ඩ” ලෙස සැලකූ අතර ඒ මත ඉහළ බදු පනවා තිබිණි. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මත ඉහළම බදු පනවා ඇති රටක් ලෙස ප්‍රචලිතව තිබූ ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 28 අතුරින් ඒ මත ඉහළම බදු Read More

ඉන්දියාවේ වායු ගුණත්වය වාර්තාගත ලෙස පහලට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය වාර්තාගත ලෙස පහළබැස තිබේ. නවදිල්ලි අගනුවරින් වාර්තාවූ වැඩිම වායු දූෂණ මට්ටම මෙය බව එරට වාර්තා පවසයි. දිවාලි උත්සව සමයෙන් අනතුරුව නවදිල්ලි නගරය හා තදාසන්න ප්‍රදේශවල ඝන මීදුමක් පැතිරගොස් තිබුණි. මේ වන විට එම තත්ත්වය වඩාත් දරුණු අතට පත්ව ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

දේශපාලන දැන්වීම් තහනම් කිරීමට ‘ට්විටර්‘ සූදානම්

සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සූදානම් වේ. එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි කියා සිටින්නේ, අන්තර්ජාල දැන්වීම්කරණය ප්‍රබල අවදියක මෙම තහනම් කිරීම දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.   මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධව විවිධ අදහස් පළවී ඇත. ඇතැම් අය මේ පිළිබඳ යහපත් ප්‍රතිචාර දක්වා ඇතත් ඇතැමුන් මෙම තීරණය විවේචනය Read More

ජිහාඩ් ප්‍රහාරයකින් මාලි සොල්දාදුවන් 53 ක් මරුට

මාලි දේශයේ උතුරු දිග හමුදා කඳවුරකට ජිහාඩ් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 53දෙනකු මියගොස් ඇතැයි විදේස් මාධ්‍යය සදහන් කරයි. පසුගිය මාසයේ මාලි සොල්දාදුවන් වෙත එල්ල කළ මෙවැනිම ප්‍රහාර දෙකකින් සොල්දාදුවන් 41දෙනකු මියගොස් 20දෙනකු අතුරුදන් ව ඇත. මේ වනවිට ජිහාඩ් කණ්ඩායම් එම ප්‍රදේශ වල ක්‍රියාකාරීව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙවියන්ට ගෞරව පුදකරන්න ගල් ගසන මිනිසුන්

මහා බද්‍රකාලී මෑණියන්ට ගෞරව කිරීම සදහා උතුරු හිමාචල් ප්‍රාන්තයේ පැවැත්වෙන මේ උත්සවය සදහා භයානක ක්‍රමවේදයක් වන එකිනෙකා වෙත ගල්මුල්වලින් දමාගසමින් දෙවියන්ට ගෞරව පුදකිරීමේ උත්සවයක් ඉන්දියාවේදී පැවැත්වුණි. පිරිස දෙපසට බෙදී එකිනෙකා වෙත ගල් ගසාගන්නා ආකාරය නැරඹීමට ගම්වැසියන් විශාල පිරිසක්ද එක්ව සිටියේය. දෙපිරිස එකිනෙකා වෙත ගල් ගසාගන්නා අවස්ථාව වඩාත් තීව්‍ර කර ගැනීම සදහා බෙර හා බටනළා වාදනයක්ද Read More

t

o

p