Foreign News

ට්‍රම්ප්ට පරාජය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.

විරෝධතාවලට වෙඩි -5 දෙනෙක් මරුට

සංශෝධිත පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවලට පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ. පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බව Read More

නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළට

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ. උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තාවී තිබේ. ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් වැසීගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි. වර්ෂාව ආරම්භවීමත් සමග නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළගොස් ඇති බවයි කාලගුණ බලධාරීන් Read More

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ Read More

තායි සම්බාහන ලෝක උරුම ලැයිස්තුවට

තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ. සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත. එහිදී පිටකොන්ද ආශ්‍රිතව සිදුකරනු ලබන සම්බාහන ක්‍රමවේදය අස්පර්ශනීය සංස්කෘතියක උරුමයක් ලෙසින් නම්කිරීමටත් එම සංවිධානය කටයුතු කර තිබුණි.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්ට

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි ගිනි කන්ද සක්‍රීය වීමෙන් මිය ගිය ගණන ඉහළට

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි ගිනි කන්ද සක්‍රීය වීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇත. එරට බලධාරීන් පවසන්නේ විශේෂ කණ්ඩායමක් ඊයේ සිදුකළ සෝදිසියකදී මළ සිරුරු 06ක් සොයාගත් බවයි.  තවත් පුද්ගලයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙයි. 

මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන් වෙයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන් හා යානාව සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

සම්ප්‍රදාය බිඳ දැමු නත්තල් ගස

ඉතාලියේ මිලානෝ නගරයේ සුප්‍රකට ඩූමෝ දෙව්මැදුර ඉදිරිපිට සුවිශේෂී නත්තල් ගසක් ඉදිකර තිබේ. කේතු හැඩයට වානේ වලින් ඉදිකර ඇති එම නත්තල් ගස මීටර් 37ක උසකින් යුක්තයි. විදුලි බුබුළු අසූ එක්දහස් හාරසිය හතළිස් අටක් යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබේ. පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් නත්තල් ගස ආලෝකමත් කර තිබීම එහි ඇති විශේෂත්වයයි. නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පුද්ගලයන් Read More

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු දෙවන මහලින් පහළට ඇද වැටී මරුට

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ  පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු එහි දෙවන මහලින් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත.හෝටලයේ ඉහළ මහලින් පහළට ඇද වැටී ඇති ඔහු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී  මරණයට පත්ව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පීටර් කෙනත් නැමති හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

t

o

p