Foreign News

කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන

මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපිකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ. නත්තල් උදාවට මොහොතකට පෙර හටගත් භූකම්පන හටගැනීමත් සමග භීතියට පත්වූ ජනතාව නිවෙස් වලින් ඉවතට දිවගොස් තිබුණි. භූකම්පන දෙකෙන්ම කිසිදු පුද්ගල හානියක් හෝ විශාල දේපළ හානියක් සිදුව Read More

සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්

ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. ‘‘ලියුම් කවරය විවෘත කළාම මට ඇස් අදහගන්න බැරි වුණා“ යැයි එම ආයතනයේ Read More

තම දියණිය විවාහ කර ගන්න ඉරාන පියවරුන්ට එරට නීතියෙන් අවසර

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී Read More

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි පාලනයට ගිය ගිනි නිවන භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ පැතිරෙමින් පවතින ලැව්ගිනි මැඩපැවැත්විමට ගිය ස්වෙච්ඡා ගිනි නිවන භටයන් දෙදෙනකු හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. ලැව්ගිනි පැතිරෙමින් පවතින ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනි නිවන රථය මතට ගසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මේ වන විට ඕස්ට්‍රේලියාවේ අක්කර මිලියන තුනකට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී Read More

රුසියානු – පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානීවරු හමුවෙති

පාකිස්ථානය සහ රුසියාව ඉකුත් දා සමුද්‍ර ආරක්ෂා, ස්ථාවරත්වය සහ ද්විපාර්ශ්වීය නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සමුද්‍ර ආරක්ෂාව, ස්ථාවරත්වය සහ නාවික අභිලාෂ මෙන්ම  දෙරට අතර ද්විපාර්ශ්වීය නාවික සහයෝගීතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ.

ට්‍රම්ප්ට පරාජය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සම්මත වුණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ඉදිරියටත් කටයුතු කරනවාද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී සෙනෙට් සභා නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි. මෙය තම දේශයේ අඳුරුතම හා ලජ්ජාසහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කර තිබුණි.

විරෝධතාවලට වෙඩි -5 දෙනෙක් මරුට

සංශෝධිත පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවලට පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ. පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බව Read More

නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළට

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ. උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තාවී තිබේ. ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් වැසීගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි. වර්ෂාව ආරම්භවීමත් සමග නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළගොස් ඇති බවයි කාලගුණ බලධාරීන් Read More

අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ Read More

තායි සම්බාහන ලෝක උරුම ලැයිස්තුවට

තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ. සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත. එහිදී පිටකොන්ද ආශ්‍රිතව සිදුකරනු ලබන සම්බාහන ක්‍රමවේදය අස්පර්ශනීය සංස්කෘතියක උරුමයක් ලෙසින් නම්කිරීමටත් එම සංවිධානය කටයුතු කර තිබුණි.

t

o

p