Foreign News

රුසියානු ආණ්ඩුවේ අගමැති පුටුව බදු සේවා ප්‍රධානියාට

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහාය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මේඩ්වෙඩේව් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට බදු සේවා ප්‍රධානී මිහායිල් මිෂුස්ටින්ගේ නම රුසියානු ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබීය.

හැරී-මේගන් නිදහස ලබයි

හැරී කුමරුට සහ මේගන් කුමරියට රජ පවුලේ රැඳී සිටිමින් නිදහස භුක්ති විඳීමට දෙවන එළිසබෙත් මහ රැජිනියගේ අවසරය හිමිව ඇති බව වාර්තා වේ. රැජින විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ රජ පවුලේ සාමාජිකයන් සමඟ සැන්ඩින්හ්‍රැම් මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රාජකීයත්වයෙන් ඉවත් වී ස්වාධීනත්වයක් අපේක්ෂා කරන බවට සසෙක්ස්හි ආදිපාද යුවළ පසුගියදා කළ ප්‍රකාශය රජ පවුල ඇතුළු Read More

මැනිලා ගුවන් තොටුපල වැසෙයි

පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ. පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ ටාල්  ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.

ඉරානයේ විරෝධතා

ඉරානයේ, ටෙහෙරාන් නුවරට රැස් වූ විරෝධතාකරුවන් සිය ගණනක් එරට රජය සහ බලධාරීන්ට එරෙහිව විරෝධතාවල නිරත වෙති. යුක්‍රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළීම වසන්කළ බවට චෝදනා කරමිනි. විරෝධතාකරුවන් පවසන්නේ එරට ආධ්‍යාත්මික නායකයා මෙන්ම සේනාධිනායකයා වන අයතුල්ලා අල් කමේනි සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි. විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාන විරෝධතාකරුවන්ට සහය පළකරමින් Read More

ඩුබායි නගරයට වැසි

ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබෙනවා. පැයට මිලි මීටර් 150 කට අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් 65 ඉක්මවූ තද සුළං ද ඩුබායි නගරයෙන් වාර්තා වනවා.  ජල ගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස සහ මාර්ග රැසක් ද Read More

අරාබියේ දීර්ඝතම කලක් පාලකයා මියයයි

අරාබි ලෝකයේ දීර්ඝතම කලක් පාලකයාව සිටි ඕමානයේ 79 හැවිරිදි සුල්තාන් ඛාබෝස් බින් සායිඩ් අල් සායිඩ් මියගොස් ඇත. පිලිකා රෝගයක් හේතුවෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දිගුකලක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සුල්තාන් වරයා නැවත ඕමානය වෙත පැමිණ ඇත්තේ පසුගිය මාසයේදීයි. 1970 වසරේ දී සිය පියාට එරෙහිව බ්‍රිතාන්‍ය යේ සහායෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් ඕමානයේ බලය අල්ලා ගත් සුල්තාන් ඛාබෝස් Read More

ඕස්ට්‍රේලියානු රජය විසින් වැඩියෙන් වතුර බොනවැයි ඔටුවන් 10,000 ක් මරයි

වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළේය. ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි. ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුව බවද සදහන්ය.

බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට

යුක්රේන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගීන් 180ක් රැගත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය ඉරානයේ ඉමාම් කෙමෙයිනි ගුවන් තොටුපළින් ගුවන් ගතවී ඇති අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි සඳහන් වේ.

රුසියාවේ – චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට

ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.

ඉරාකයේ ග්‍රීන් සෝන් ජාත්‍යන්තර කලාපයට මෝටාර් ප්‍රහාර මාලාවක්

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන් – ජාත්‍යන්තර කලාපය”ට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.  ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි. උතුරු බැග්ඩෑගයේ පිහිටි ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට Read More

t

o

p