Foreign News

කො‍‍රෝනා සිංගප්පූරුවට

කො‍‍රෝනා වෛරසය චීනයේ සිට පැමිණි ගුවන් මගියෙකු මාර්ගයෙන් සිංගප්පූරුවට ඇතුල් වී තිබේ. 66 වියැති පුද්ගලයෙකු වූ මොහු චීනයේ වුහාන් හි පදිංචිකරුවෙකි. ඔහු සමග ඔහුගේ පවුලේ අයත් පැමිණ සිටි අතර ඔවුන් සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ ඔහු අසල සිටි කිහිප දෙනෙකුටද මෛම වෛරසය ඇතුල් වී ඇතැයි සැක පවතී. 

ලැව් ගිනි නිවන්න ගිය ගුවන් යානය කඩා වැටි ගිනි භටයන් 3 ක් මරුට

796Views ඕස්ට්‍රේලියාවේ සිදුවූ ගුවන් අනතුරකින් අමෙරිකානු ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ගිනි නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ ගුවන් යානයක්. මෙම යානය නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ගිනි නිවීමේ මෙහෙයුම් සදහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. අධික උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ යළිත් ගිනිගැනීම් වාර්තා වෙමින් තිබෙනවා. Read More

චීනයේ කොරෝනා වෛරසය පැතිරෙයි

චීනයේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීන් පෙන්වා දෙයි. මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය. වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් Read More

චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළට

චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ය . මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.

චීනය ප්ලාස්ටික් තහනම් කරයි

වරක් පමණක් භාවිතයට ගත හැකි දිරාපත් නොවන බෑග් ඇතුඵ එවැනි නිෂ්පාදන භාවිතය එරට ප‍්‍රධාන නගරවල මෙම වසර අවසන් වන විට තහනම් කරයි. 2022 වසර වන විට මෙම තහනම සියලුම නගරවල ක‍්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාව වී තිබේ.

මහ රැජින ශෝකයෙන්

එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ.   රාජකීය තනතුරුවලින් බැහැරවී අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හැරී සමඟ සාකච්ඡා කරමින් සිටියදී ද  මේ සම්බන්ධයෙන් මහ රැජින කනගාටුවෙමින් සිටි බව පැවසේ.   ආචිගේ සීයා වන 71 හැවිරිදි චාල්ස් Read More

යේමනයට එල්ල වූ මිසයිලයකින් 80ක් මරුට

යේමනයේ හමුදා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් භටයන් 80ක් පමණ ඝාතනය වී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. මුස්ලිම් පල්ලියේ පූජාව සඳහා රැස්වුනු පිරිස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි. ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් එය හවුති ගරිල්ලන් විසින් සිදුකරන ලද බවට යේමන රජය චෝදනා කරයි.

එවරස්ට් තරණය කරන්න ගිය 7ක් අතුරුදන්

එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇත. දකුණු කොරියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ නේපාල ජාතික මග පෙන්වන්නන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයට ප්‍රහාරයක් – සෙබළු 60ක් මරුට

ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් විසින් යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල කරනු ලැබු ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ මාධ්‍ය සදහන් කරයි.

දේශසීමා පවුරක් ඉදිකරන්න පෙන්ටගනයට නියෝගයක්

මෙක්සිකෝව සමඟින් පවතින දේශසීමාවේ ආරක්ෂාව සඳහා කිලෝ මීටර් 435ක දිගින් යුත් දේශසීමා පවුරක් ඉදිකිරීමට පෙන්ටගනය වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් නියෝගය නිකුත් කර ඇත. අමෙරිකාව හා මෙක්සිකෝව අතර පවතින දේශසීමා සම්බන්ධයෙන් කලක පටන් දැඩි මතභේද පවතියි. ජනාධිපතිවරයාගේ නවතම ඉල්ලීම අනුව නැවතත් අමෙරිකානු ආර්ථිකය අඩපණ වනු ඇතැයි විදෙස් වාර්තා අනාවැකි පළකරයි.

t

o

p