Foreign News

රියෝ දි ජනයිරෝ සැණකෙළිය ඇරඹෙයි

බ්‍රසීලයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට රියෝ දි ජනයිරෝ සැණකෙළිය නිල වශයෙන් ආරම්භ වී ඇත. රියෝ නගරයේ එලිමහන් පීඨිකාව අසලින් ආරම්භ කෙරුණු මෙවර පාගමන සදහා සුපුරුදු පරිදිම වීදි නර්තන කණ්ඩායම් සියගණනක් එක්ව සිටියේය. වාර්ෂිකව පැවැත්වෙන රියෝ දි ජනයිරෝ සැණකෙළිය නැරඹීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බ්‍රසීලය වෙත පැමිණෙයි.

එක්සත් රාජධානියට හදිසි ආපදා තත්ත්වයක්

එක්සත් රාජධානියට තවදුරටත් ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් ඇති බව එරට බලධාරීහු කියති. මේ හේතුවෙන් එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ. අධික වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්ටමට ළඟා වී තිබේ.

ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ මෙම හමුදා කඳවුරට පිහිටා ඇත. “විදෙස් හමුඳා රැඳී සිටින ජාත්‍යන්තර කලාපයට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. ඉන් කිසිවකුටත් හානියක් වුණේ නැහැ” යැයි ඒකබද්ධ හමුදාවල ප්‍රකාශක මයිල්ස් කැගින්ස් පැවැසීය. ජාත්‍යන්තර කලාපය ලෙස හැඳින්වෙන කලාපය හරිත කලාපය ‘ග්‍රීන් Read More

සෞදි අරාබි ප්‍රහාරවලින් යේමනයේ සිවිල් වැසියන් 31ක් මරුට

සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය 2015 වසරේ සිට යේමනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් පහකෙරේ

කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් චීනයේ හුබෙයි පලාතේ දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබෙනවා. කොරෝනා වෛරසය පිලිබදව අනාවැකි පළකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. වෛරසය කෝවිඩ් නයින්ටීන් ලෙස මේවන විට නම්කර තිබෙනවා.

නයිජීරියාවේ ලස්සා උණෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

ලස්සා උණ රෝගය හේතුවෙන් නයිජීරියාවේ මියගිය පුද්ගලයින් ගණන 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලස්සා උණ රෝගය වැළදුනු රෝගීන් සංඛ්‍යාව 700 සිට 1708 දක්වා ඉහළ ගොස් ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම උණ රෝගය එරට ප්‍රාන්ත තුනකින් වාර්තා වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රැඳවියන්ට කොරෝනා

බ්‍රිතාන්‍යයේ රැඳවියන් දහසකට අධික පිරිසක් රැඳී සිටින බන්ධනාගාරයක රැඳවියන් දෙදෙනෙකුට “කොවිඩ්නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පමණ පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙකු බව සඳහන්.  එම පුද්ගලයාගෙන් අනෙක් රැඳවියාට සම්ප්‍රේශණය වන්නට ඇති බවට බලධාරීන් විශ්වාසය පල කරයි.  

කොරෝනා වෛරසය මුළුමනින්ම පරාජය කරනවා – චීන ජනපති

කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට චීන ජනාධිපති සී ජින්පින් නැවතත් අවධාරණය කරයි. ඒ බෙයිජිං නුවර කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදෙන රෝහලක් වෙත කළ සංචාරයක් අතරතුරදීයි. චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං නුවර රෝහලක් වෙත පැමිණියේය. ඒ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ප්‍රතිකාර ලබාදීමට එක්ව සිටින සෞඛ්‍ය අංශ කාර්යමණ්ඩලයක් හමුවීම සදහායි. මෙම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයාගේ Read More

චීනයේ සංචාරය කළොත් දඬුවම්

නියෝග නොතකා කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් නැවත රටට පැමිණීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත. වයිරසයට එරෙහි ආරක්ෂිත සෞඛ්‍ය පියවරක් ලෙස සෞදි අරාබියේ කිසිදු පුරවැසියකුට හෝ සෞදි අරාබියේ සිටින විදේශිකයකුට චීනයට යෑම තාවකාලිකව තහනම් යැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගැන දත්ත රැස්කරයි

කොරෝනා වෛරසය පිළිබද දත්ත ජාලයක් පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි. අවශ්‍ය සහය ලබාදෙන ලෙස බලධාරීන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමයි අරමුණ. විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ සඳහා චීනයට යොමු කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ අත්‍යාවශ්‍ය නොවන හේතු මත චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් දැනුම්දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

t

o

p