Foreign News

ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක්

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හමුවේ ලොව පුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ හේතුවෙන් වෛද්‍ය උපකරණ නිෂ්පාදනය 40% ක ප්‍රතිශතයකින් ඉහළනංවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමාගම් සහ රජයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ජය අගමැතිගේ පක්ෂයට

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගේ ලිකුඩ් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනිමට නොහැකි වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසයි.

කොරෝනා වායු දූෂණය අඩු කරයි

COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනවා. චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනයට ලක්කිරීම නිසා රථවාහන ධාවනය, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ.

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව විරෝධතා

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව නවදිල්ලි අගනුවරදී පැවති විරෝධතාවක් අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. අමෙරිකානු ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන පසුබිමක ආන්දෝලනාත්මක පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාව පවත්වා තිබීමත් විශේෂත්වයක්.

රියෝ දි ජනයිරෝ සැණකෙළිය ඇරඹෙයි

බ්‍රසීලයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට රියෝ දි ජනයිරෝ සැණකෙළිය නිල වශයෙන් ආරම්භ වී ඇත. රියෝ නගරයේ එලිමහන් පීඨිකාව අසලින් ආරම්භ කෙරුණු මෙවර පාගමන සදහා සුපුරුදු පරිදිම වීදි නර්තන කණ්ඩායම් සියගණනක් එක්ව සිටියේය. වාර්ෂිකව පැවැත්වෙන රියෝ දි ජනයිරෝ සැණකෙළිය නැරඹීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බ්‍රසීලය වෙත පැමිණෙයි.

එක්සත් රාජධානියට හදිසි ආපදා තත්ත්වයක්

එක්සත් රාජධානියට තවදුරටත් ගංවතුරින් බලපෑම් එල්ල වෙමින් ඇති බව එරට බලධාරීහු කියති. මේ හේතුවෙන් එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ. අධික වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්ටමට ළඟා වී තිබේ.

ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ මෙම හමුදා කඳවුරට පිහිටා ඇත. “විදෙස් හමුඳා රැඳී සිටින ජාත්‍යන්තර කලාපයට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. ඉන් කිසිවකුටත් හානියක් වුණේ නැහැ” යැයි ඒකබද්ධ හමුදාවල ප්‍රකාශක මයිල්ස් කැගින්ස් පැවැසීය. ජාත්‍යන්තර කලාපය ලෙස හැඳින්වෙන කලාපය හරිත කලාපය ‘ග්‍රීන් Read More

සෞදි අරාබි ප්‍රහාරවලින් යේමනයේ සිවිල් වැසියන් 31ක් මරුට

සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය 2015 වසරේ සිට යේමනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් පහකෙරේ

කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් චීනයේ හුබෙයි පලාතේ දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබෙනවා. කොරෝනා වෛරසය පිලිබදව අනාවැකි පළකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. වෛරසය කෝවිඩ් නයින්ටීන් ලෙස මේවන විට නම්කර තිබෙනවා.

නයිජීරියාවේ ලස්සා උණෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට

ලස්සා උණ රෝගය හේතුවෙන් නයිජීරියාවේ මියගිය පුද්ගලයින් ගණන 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලස්සා උණ රෝගය වැළදුනු රෝගීන් සංඛ්‍යාව 700 සිට 1708 දක්වා ඉහළ ගොස් ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම උණ රෝගය එරට ප්‍රාන්ත තුනකින් වාර්තා වී තිබෙනවා.

t

o

p