Foreign News

යුරෝපයේ වැඩිම කොරෝනා මරණ එංගලන්තයෙන්

ලොව දෙවැනි වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට එංගලන්තය ඊයේ (05දා ) දිනයේ පත් වූ විදෙස් මාධ්‍ය සදහන් කරයි. එංගලන්තයෙන් අද වන විට කොරෝනා වෛරස් ආසාදිත මරණ 29,427 ක් වාර්තා වී ඇති අතර එංගලන්තය මෙසේ යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියටත් වඩා වේගයෙන් බව වාර්තා Read More

කොරෝනා නිසා ඇමරිකාවේ ලක්ෂයක් මැරෙන බව ට‍්‍රම්ප් කියයි

කොරෝනා වසංගතයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂයක පමණ පිරිසක් මිය යනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ 68606 දෙනෙකු කොරෝනා වසංගතයෙන් මිය ගොස් තිබේ. කොරෝනා වයිරසයට එරෙහි එන්නත මේ වසර අවසානයට පෙර නිපදවා ගැනීමට හැකි වනු ඇතැයිද ට‍්‍රම්ප් විශ්වාසය පල කළේය.

යුරෝපා රටවල් කොරෝනා ව්‍යසනයත් සමග පනවනු ලැබූ සීමා ලිහිල් කිරීමට සැරසේ

නව කොරෝනා ව්‍යසනයත් සමග පනවනු ලැබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට යුරෝපා රටවල් කටයුතු කරමින් සිටිනවා. සති 07කට පසු පළමු වරට එළිමහනේ ව්‍යායාම කිරීම සඳහා වැඩිහිටියන්ට අවසර ලබාදීමටයි ස්පාඤ්ඤය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ස්පාඤ්ඤයේ බොහෝ වීථී වල අද පෙරවරුවේ වැඩිහිටියන් ව්‍යායාම්වල යෙදී සිටිනු දක්නට ලැබුණා.

අමෙරිකාවේ covid ලක්ෂ 11 පනී

ඇමරිකාවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා තිබෙනවා. වෛරසයනේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 11 ලක්ෂ 31,030 ක්. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 65,753 ක් ලෙසයි දැක්වෙන්නේ.

සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මෙලොවින් සමුගනී

බොලිවුඩ් සහ හොලිවුඩ් චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මුම්බායි හි රෝහලකදී මියගොස් තිබෙනවා. මිය යන විට 53 වියේ පසු වූ ඔහු පිළිකා රෝගයකින් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉතාලියේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි

ඉතාලියෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා තිබේ. ඉතාලියේ පළමු රෝගියා පෙබරවාරි මස 15 වන දින වාර්තා වී ඇති අතර මාස දෙක හමාරකට ආසන්න කාලයක් තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්යානව දෙලක්ෂ එක්දහස් පන්සිය පහක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉතාලියෙන් ගත වු පැය 24 තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 382ක් Read More

ආසියාවේ වැඩිම ආසාදිතයින් ඇති රට බවට සිංගප්පූරුව පත්වෙයි

ආසියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටක් බවට සිංගප්පූරුව පත්ව ඇත. එරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 14,423 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 931 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලිය සීමා ලිහිල් කිරීමට යයි

කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ ඉතාලිය, වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි. ලබන මැයි මස 04වනදා සිට අදාළ සීමා ලිහිල් කරනු ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ. සති 07ක් පමණ කාලයක් රට තුළ පැවැති ලොක්ඩවුන් නීති මෙලෙස ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ ඉකුත් පැය 24තුළ එරටින් කොරෝනා නව මරණ 260ක් Read More

එංගලන්තයේ මරණ 20000 ඉක්මවයි

එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. නවතම සංඛ්‍යාලේඛන අනුව එක්සත් රාජධානියේ මරණ 20,319 ක් වාර්තා වී ඇති අතර එය පෙර දිනට වඩා 813 කින් ඉහළ යාමකි. රජයේ දෛනික සාකච්ඡාවේදී ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම විස්තරය විස්තර කළේ මෙය “ඛේදජනක හා භයානක සන්ධිස්ථානයක්” Read More

ලොක් ඩවුන් කළ දකුණු අප්‍රිකාවත් යළි විවෘත කරයි

රට වසා දමමින් පනවා ඇති සීමා ලබන මස 01වනදා සිට ලිහිල් කිරීමට දකුණු අපි‍්‍රකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇතැම් ව්‍යාපර සහ පාසල් යලි විවෘත කිරීමට කටයුතු කෙරෙණු ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. දකුණු අපි‍්‍රකාවෙන් මේ වන විට හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන 3,953ක්. නව කොරෝනා මරණ 75ක්ද එරට සිදුව Read More

t

o

p